Wednesday, August 8, 2018

මෙහෙමත් සින්දු



අද කාලේ සින්දු වලටම ගැලපෙන ආදර කතා
      
      
ආදරේ කියන්නේ මනස උසස් මිනිසුන් වන අපටත් තිරිසනුන්ටත් එකම විදියට දැනෙන අතිශය මානුෂීය හැගීමක්. මේ හැගීම මිනිස්සු තම තමන්ගේ අදහස් මතවාද ගලපලා එක එක විදියට කියන්න ගන්නවා. පොත් ,රචනා.නව කතා,කෙටි කතා,සිනමා නිර්මාණ වගේම ගීතයක් කියන්නෙත් ආදරයේ සුන්දරත්වය වගේම විරහවත් කියපාන්න පුළුවන් නිර්මාණයක්. ගීතයත් ආදරයත් කියන්නේ එකින් එක වෙන් කරන්න බැරි තරම් අවියෝජනීය බැදීමක් කියල කිවොත් නිවැරදියි. මොකද අපි ආදරේට දුක හිතුනම කරන්නේ සින්දුවක් අහල තවත් කදුළු පුරවගන්න එක නැත්නම් හිත හදාගන්න බලන එක.
ඉතින් ගීතයකට පුලුවන්ද ආදරේ ගැන හරියටම කියල දෙන්න. අපි ආස කරන්නේ අපි නිතරම පැටලෙන්නේ අපේම ආදර කතාව ලියවිලා තියෙන ගීතත් එක්ක.අපි එකේ පදවැල් සංගීතය එක්ක එකතු වෙලා හරි හරියට අපිට අහිමි උණු ආදරය අපි බලාපොරොත්තු වෙන ආදරය හොයනවා.දැනෙන ආදරය, ඇතිවෙන ආදරය, හැරගිය ආදරය වෛරයක් නොවෙන විදියට ගලපපු ගීත අපි අහන්නේ ඒකට අපේම අත්දැකීමුත් එකතු කරලා.
ඉස්සර අපේ සමහර ගායකයෝ ගායනා කරපු ගීත වල තිබුනේ සරල සුගම බස් වහරක් උනත් ඒ ගීත වල ගැබ් වෙලා තිබුන අර්ථය නම් හොයාගන්න එක සරල උනේ නැ. නමුත් දැන් තියෙන අවිචාරවත් බොලද ගීත වලට අනාගතේ අපේ ලමයි කොහොම විචාර දෙයිද කියන එක නම් අපිටවත් හිතාගන්න බැ. ඒ තරමටම ඒවා ඇතුලේ තියෙන වචන අපිළිවෙලයි.
ආදරය තියෙන තැන ගීතය තිවුවොත් ගීතයත් එක්ක වැඩියෙන්ම එකතු වෙලා තියෙන්නේ විරහව . ඒ කියන්නේ මිනිස්සු ආදරයට වඩා බිදී ගියපු ආදරයකින් පස්සේ ඇති වෙන විරහවට ඇලුම් කරනවා කියන එක. නමුත් ඉස්සර අපි අහපු විරහ ගීතයි දැන් කලේ රැල්ලට හැදෙන විරහ ගීතයි අතරේ ලොකු වෙනසක් තියෙනව. ඉස්සර ගීත ඇතුලේ තිබුනේ හැරගිය ආදරයට කරන ආදරණිය හඩ ගෑමක් .ඒකට අද කාලේ ගිරිය යටින් කෑ ගහන සින්දු ඇහුනමයි හිතෙන්නේ ගිහින්, දාල ගියපු එකාට ගඩොල් බාගෙකින් හරි නෙලලා එන්න.
ලංකාවේ ශ්‍රේෂ්ට ගනයේ පද රචකයෙක් වුනු රත්න ශ්‍රී විජේසිංහ මහතාගේ ගොඩක් ගීත රචනා ඇතුලේ ඒ ආදරය ගැන ලස්සනට ලියවෙලා තියෙනව. ඔහුගේ ගීත වලට කරුණාරත්න දිවුල්ගනේ, ගුණදාස කපුගේ, වික්ටර් රත්නායක කියන ගායකයෝ මියුරු හඩ  මුසු කලාට පස්සේ ඒවා එලියට ආවේ හදවත් සනහන ආදර ගීත විදියට. ඒ වචන ඒ සංගීතය ඇතුලේ ඇතුලේ තිබුනේ හදවත් සොයන ඉල්ලන අතිශය පුජනිය ආදරය පමණයි.
ඒ වගේම අමරසිරි පීරිස්ගේ ඇය යන්න ගියාට සෝමතිලක ජයමහගේ ඇය නොක්කාඩුවට පස්සේ තවත් ලස්සන වුනා. නමුත් අද කාලේ වගේ වැද බුදුන්ගෙන් එයාව ඉල්ලන්න අමරසිරි මහත්තය වත් සෝමතිලක මහත්තය වත් ගියේ නැ.
අද කාලේ සින්දු වලින් කරන්නේ හැගීමක් නැති තේරුමක් නැති වචන ටිකකට සංගීතය එකතු කරලා අහපල්ලා කියල අපිට දෙන එක. පුදපු තැනම කාපි යකා කියල කියන්න තියන දේ කෙලින්ම කියල දානවා. විචාරයක් කරන්න ඕනෙම නැ.මේ සින්දුත් හරියට අද කාලේ ආදර කතා වගේ. පටන් ගන්නත් කලින් ඉවර වෙලා. අත් වල නියපොතු හප හප ඔලුවේ අත ගහගෙන ලියුම් කඩදහි දහස් ගණන් ලිය ලිය ගුලි කරපු ආදරවන්තයෝ අදරවන්තියෝ අද කලේ නැ වගේම එහෙම ලියපු සින්දුත් අද නැ.
සිංදුවකින් කරන්නේ වචන වලින් රුප මවන එක. සාර්ථක සිංදුවකට නම් විෂුවල් එකක් ඕනිම නැ. සින්දුව ඇහෙනකොට විෂුවල් එක මැවිලයි පෙන්නේ. ඉස්සර සින්දු වලට විෂුවල් තිබ්බේ නැ.මොකද ඒ සින්දු ඇහෙනකොට එකේ ආදරවන්තය ආදරවන්තිය උනේ අපිමයි. අපි හිතින් සින්දුව ඇතුලේ රගපානව. එකට අද කලේ සින්දු ඇතුලේ මිනි මරාගෙන පිහියෙන් ඇනගෙන සින්දුව ඇතුලේ කිවුවේ මොකක්ද කියන්න විෂුවල් එකක් හදන්න පට්ට ගේමක් දෙනවා. සමහර සින්දු වල එකක් කියද්දී විෂුවල් එකේ යන්නේ වෙනමම කතාවක්. සින්දුවට රුපය එකතු කරන්න ඕනි ඒ ව්‍යංගයෙන් කියපු සින්දුවට අරුතක් එකතු කරන්න මිසක් විෂුවල් එකෙන් සින්දුව ශේප් කරගන්න නෙමෙයි.
මම කියන්නේ නැ අද කාලේ හැදෙන සින්දුත් මේ කියන රාමුව ඇතුලේ කොටු වෙන්න ඕන කියල. එත් සින්දුවක් පලවෙනි පාර අහනකොටම හිතට අල්ලගන්න පට්ට සින්දුවක් වෙන්න ඕනි. මන් කියන්නේ සින්දුවක් ඇහුවම  එකේ තේරුම හොයාගන්න ආස හිතෙන විදියේ පට්ට සින්දුවක්.


එස්.එච් අසින්තා ප්‍රභාශිනී 
                                                            ජන සන්නිවේදන අධ්‍යයන අංශය
                                                            කැලණිය විශ්ව විද්‍යාලය
                                                           


2 comments:

ආදරේ මගින් break වෙන්නේ නැති වෙන්න ඕනි නම් මේ කරුණු 7ත් දැනගන්න

හැමදාමත් ආදරේ මගින් break වෙන්නේ නැති වෙන්න ඕනි නම් මේ කරුණු 7ත් දැනගන්න                                ආදරේ කියන්නේ youth එකට s...