Thursday, July 25, 2019

ආදරේ මගින් break වෙන්නේ නැති වෙන්න ඕනි නම් මේ කරුණු 7ත් දැනගන්න


හැමදාමත් ආදරේ මගින් break වෙන්නේ නැති වෙන්න ඕනි නම් මේ කරුණු 7ත් දැනගන්න


                              

ආදරේ කියන්නේ youth එකට set වෙන ෂොට් එකක් කිවුවොත් හරිම වචනෙ. girls ලා  නැතත් boys ලා මේ එක එක විදියේ ෂොට් දාල බලන්නේ තමන්ට set වෙන ෂොට් එක මොකක්ද කියල බලන්න තමයි.එත් සමහර couple ඉන්නව සංසාරෙන් අපි සමු ගන්නා  දා ඒ ගමනත් අපි එකට යමූ කියාගෙන ඉන්න එවුන්. උන් ඉන්නේ උන් දෙන්නගේ ආදරේ බාල්දියක දල හැදී ගාල එකෙන්ම දෙන්නම නාගෙන. උන් උන්ගේ love ගැන ගෙදරට කියල හැමදේම කරන හිටියත් අතර මගදී නතර වෙන්න හෙනහුරා ලබන seen නැතුවම නෙමෙයි. අන්න ඒ වගේ break වෙන්නේ නැති love එකක් කරන්න නම් අපේ කොල්ලෝ කෙල්ලෝ ටික මේ ටික නම් දැනගන්නම වෙයි.
දැක්ක ගමන් ඇති වෙන්නේ ආදරයද
ඉස්කෝලෙදි කෑල්ල වගේම campus එකේදී කොක්ක set වෙන්නේ හිතන්නෙවත් නැති වෙලාවක උනත් මේවා දුර දිග යන love කියල නම් හරියට කියන්න බෑ. එත් දැක්ක ගමන් love හිතෙන්නේ උන් දෙන්නට දෙන්න රහසින් හරි ඉඟි බිඟි කරගත්තොත් විතරමයි. ඒක පැත්තකින් තියමුකෝ. කොහොම හරි love එකක් set උනා නම් අනිවාර්යයෙන් එක දිගටම කරන යන්න ඕනි. එහෙම නැතුව දකින දකින එකාට හිත යන්න ගත්තොත් නම් මලාට සිරා love එකක් නම් කරන්න බෑ.
සම්බන්ධතාවය නිතරම තියෙන්න ඕනි.
love එකක් පටන් ගත්ත මුල් කාලෙ මල් කඩන්න ගත්තම ඉවරයක් නෑ. කොච්චරද කියනවා නම් bus වල ඉරපු seat, ගස් වල සුරලා දාපු කොළ, වගේම සුටු සුටු ගාල massage ගහන පුංචි phone එකත් විදපු දුක කියයි කටක් තිබ්බ නම්.එත් පහු පහු වෙනකොට කොහු කොහු වෙනවා කියලා තමන්ගේ love එක කෑවද කියල වත් හොයල බැලුවේ නැත්නම් ඉතින් දෙයියන්ගේම පිහිටයි. ඕවගේ පුංචි දේවල් දුර දිග යන්නේ නැති වැරදිත් මවාගෙන ඒ හින්ද ඒ ගැනත් පරිස්සම් වෙන්ඩ  වෙයි.
ආදරේ හිගාකන්න එපා.
මං මෙච්චර ආදරේ කරද්දී උඹ මට ආදරේ මෙන්න මෙච්චරයි කියා කියා ආදරේ කිරන්න ගියොත් නම් ඉතින් love එපා වෙන්න ගන්නව. කොයි වෙලේවත් love කරන විදිය ගැන තමන්ගේ කොල්ලට හරි කෙල්ලට හරි උගන්නන්න යන්න එපා. තමන්ගේ උපරිමෙන් love ක්‍රම අනිත් පැත්තෙනුත් ලැබෙයි ඊට නොදෙවෙනි එකක්. අන්න ඒ හින්ද love හිඟාකන්න ගිහින් තියන ආදරෙත් නැති කරගන්න එපා.

අධිෂ්ඨානයෙන් වැඩ කරන්න ඕනි.
සිරා love කරන උන් දෙන්නෙක් නම් උන්ට තියෙන්න එපැයි අනාගතේ ගැන ප්ලෑනක්. හිතන්න එපා උයද්දී කුස්සියට ඇවිත් බදාගන්න කොල්ලෙක් වත් වැඩ ඇරිලා ආවම kiss කරලා සපත්තු ගලවන කෙල්ලෙක් වත් හම්බ වෙයි කියල. මොකද marry කළා කියන්නේ ජිවිතේ අරමුණක් එක්ක යන්න ඕනි ගමනක්. ඒ හින්ද මේ වගේ ආදරයක් ලබන්න නම්දන් ඉදන්ම වැඩ පටන් ගන්න වෙයි.
ප්‍රශ්නත් එක්ක හරියට ඔට්ටු වෙන්න.
youth එකට ප්‍රශ්න කියන්නෙ නම් අමුතු දෙයක්යැ. ඉතින් love කරද්දී ප්‍රශ්න එක එක නම් සාධාරනයි. උන්ට උන්ගේ love එක ගැන අමුතු කැක්කුමක් තියෙන්නේ. උන් වෙන කොල්ලෙක් කෙල්ලෙක් දිහා බලන්න වත් බෑ.  ඒ තරමට නීති. ඔතනින් තමයි ප්‍රශ්න පටන් ගන්නෙ. උන් දෙන්නම ඉතින් මරාගන්න ගියාම love එකක් තිබ්බද මතක නෑ. ප්‍රශ්නේ ගැන හොයන්නේ බලන්නේ නැතිව මරා ගත්තොත් ඒ love එකට වැඩි ආයුෂ නෑ. මොකද ඔය රණ්ඩු අස්සේදී  පෙර කි නොකී ඔක්කොම වැරදිත් කඩමාලු පිටින් අදාල ගන්න හින්ද. අන්න එකයි මේ වගේ ප්‍රශ්නෙකදී නිශ්ශබ්ද වෙලා හිමිට විසදගන්න වෙන්නේ
ඕනවට වඩා love කරන්න යන්න එපා.
මේකට හොදම වචනේ මැරීගෙන love කරන්න එපා කියන එක.ඕනවට වැඩ ඕනෑම දෙයක් ඕනෑම නැ කියනවනේ. fb password මාරු කරගෙන couple ෆොටෝ දාන්නේ උන්ට උන්ව විස්වාස නැටි හින්ද. අනික සමාජෙට පෙන තරම් love එකකුත් උන් අතර නෑ කියල පේනවා රගන විදිය දැක්කම. ඊට වැඩිය  නිදහස තියෙන තැනක ඉන්න එකා ඉදිවී. යන එකා යාවි කොරහත් බිඳගෙනම
love එක ඇනගන්න කලින් දැනගන්න
අපි හිතාගෙන ඉන්නේ අපි love  expert ල කියලනේ.අනිත් උන් එකෙක් වත් දන්නේ නෑ love කරන්න. අපි හිතන්නේ එහෙමනේ. එත් ඉතින් ගුරුන්ටත් අකුරු වරදින කතාව ඇත්ත වෙන්නේ කරන්න ගියපු මගෝඩි වැඩ දෙක තුනක් එයාට මාට්ටු උනාම. එදාට එයා හොදම ඒවායින් ඔයාට කියනව.ඒවගේම හොදම තිරනයකුත් ගන්නවා.ඉතින් එහෙම කියල තමන්ගේ love එකට හොර බොරු කරන්න හොඳ නෑ. එත් කරගන්නම ඕනි හොර මගොඩියක් නම් අහු නොවෙන විදියට කරගනිල්ල.
ඉතින් ඔයාගේ love එකත් break නොවී carry on යන්න ඕනිනම් එයා වෙනුවෙන් මේ ටිකත් කරන්නම බලාගෙන ඉන්න.


වර්තමාන ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය ගැටළු මගහරවා ගැනීම සඳහා යොදා ගත හැකි සන්නිවේදන උපාය මාර්ග

        
වර්තමාන ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය ගැටළු මගහරවා ගැනීම සඳහා යොදා ගත හැකි සන්නිවේදන උපාය මාර්ග

Image result for වර්තමාන ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය ගැටළු


                                                                හැදින්වීම

ශ‍්‍රී ලංකාව ගත් කල තුන්වන ලෝකයේ රටක් ලෙස දැඩි ආර්ථික සමාජීය පාරිසරික මෙන්ම සෞඛ්‍ය ගැටළු වලට නිරන්තර මුහුණ දෙන රටක් වශයෙන් හදුනා ගත හැකි වේ. මෙරට එක පුද්ගල අදායම හා ආර්ථිකය අතින් ගත් කල තවමත් සංවර්ධනය විය යුතු තත්වයේ පවතී. ශ‍්‍රී ලංකාව තුල උද්ගත වී ඇති බලවත් මෙන්ම වැදගත් ගැටළුවක් වශයෙන් සෞඛ්‍ය  සංවර්ධනය කෙරෙහි අවදානය යොමු කල හැකි වේ. ශ‍්‍රී ලංකාව වනාහි තුන්වන ලොව රටක් වූ නිසාවෙනුත් තවමත් සංවර්ධනය වෙමින් පවතින නිසාවෙනුත් සෞඛ්‍ය අංශයද එකී සංවර්ධනය විය යුතු තත්ත්වයේ පවතින ක්ෂේත‍්‍රයක් වශයෙන් හදුනාගත හැකි වේ.
මෙකී ගැටළු සමථයකට පත් කිරීම සදහා රජය හෝ සමාජ සංවිධාන හරහා වග කිව යුතු පුද්ගලයන් දැනුවත් කිරීම මෙන්ම ඒවා පාලනය කිරීමට විධි විධාන සැලැස්විය යුතු වේ.ඒවා නව මාධ්‍ය ජන මාධ්‍ය හෝ සාම්ප‍්‍රධායික සන්නිවේදන මාධ්‍යන් හරහාද සිදු කරලිය හැකි වේ.
උද්ගතව ඇති සෞඛ්‍ය ගැටළු හරහා ඒවා ගැඹුරින් අධ්‍යයනය කර ඒවාට පිළියම් දීම සිදු කල හැකි වේ. 1930 දශකයේ සිට ශ‍්‍රී ලංකාවේ ක‍්‍රියාත්මක වූ සියලූ පුරවැසියන්ට බේදයකින් තොරව සෞඛ්‍ය සේවාව ලබා දීම අරමුණු කරගත් නිදහස් සෞඛ්‍ය සේවාව හේතුවෙන් මෙරට සෞඛ්‍ය සේවාව ලොව පුරා ප‍්‍රශංසනීය තත්වයකට පත් වී තිබිණි.
උපතේදී ආයු අපේක්ෂාව, ළදරු මරණ අනුපාතය වැනි සෞඛ්‍ය සේවාවේ ප‍්‍රගතිය පෙන්වන මිනුම් දඩු අනුව දියුණු වෙමින් පවතින සෙසු රට වලට වඩා ශ‍්‍රී ලංකාව ඉදිරියෙන් සිටින බව විශාල අබිමානයකි.
නමුදු වර්තමාන පාලන තත්ත්ව යටතේ මෙරට සෞඛ්‍ය සේවය වෙනුවෙන් වෙන් කරන මුදල් ප‍්‍රමාණය අවම වීම හා කාර්යක්ෂම සෞඛ්‍ය ව්‍යාපෘති ක‍්‍රියාත්මක නොවීම හේතුවෙන් සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ විශාල ගැටළු රාශියක් උද්ගත වී තිබේ. මෙය පාලනය කිරීමට හෝ පාලනය කරමින් පවත්වාගෙන යාමට නම් ක‍්‍රමවත් මහජන දැනුවත් කිරීම් මෙන්ම විදිමත් මාධ්‍ය වැඩමුළු මගින් සන්නිවේදන කටයුතු පුළුල් කිරීම ආදිය සිදු කල යුතුව තිබේ 
මෙම පැවරුම හරහා අධ්‍යයනය කරනුයේ වර්තමාන ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය ගැටළු මගහරවා ගැනීම සඳහා යොදා ගත හැකි සන්නිවේදන උපාය මාර්ග කවරේද යන්නයි. මෙය ජන මාධ්‍ය නව මාධ්‍ය හා සාම්ප‍්‍රධායික මාධ්‍ය හරහා භාවිතයට ගැනෙන්නේ කෙසේද යන්න පිළිබද මෙහිදී වැඩි දුරටත් අධ්‍යයනය කෙරෙනු ඇත.  
                  
ළමා තරුණ වැඩිහිටි මානසික සහනය හා සංවර්ධනය

          මිනිසාගේ සෑම කාර්යයක් පිටුපසම අනිවාර්යයෙන් තිබිය යුතු තත්ත්වයක් ලෙස මානසික සහනය ප‍්‍රමාණවත් පරිදි තිබීම හදුනා ගත හැකි වේ. වර්තමයේ සංවර්ධනය අර්ථ දැක්වෙන පරිදි භෞතික සංවර්ධනයත් සමග මිනිසාගේ ආධ්‍යාත්මික සංවර්ධනය හා බැදී පවතින මානසික ප‍්‍රීතිය සතුට සොම්නස ආදියද සංවර්ධන ඉලක්ක ගණයට ගැනෙනු ලබයි.
                    
ශ‍්‍රී ලංකාවේ ජනගහනයෙන් සෑම පුද්ගලයන් 10ට 1ක්ම ජීවිතයේ කිසියම් අවස්ථාවක මානසික රෝග තත්ත්වයකින් පෙළී ඇති බව හඳුනාගෙන තිබේ. ලංකාවේ සෑම වසරක ම වාර්තා වන මානසික රෝගීන්ගේ සංඛ්‍යාව ලක්ෂ හයකි. මොවුන් අතුරින් වැඩි දෙනෙක් විශාදයෙන ්පෙළෙති. විවිධ හේතු මත වසරකට සිය දිවි නසාගන්නා පුද්ලයින්ගේ සංඛ්‍යාව 3000කි.

රටක ආර්ථික සහ සමාජීය සංවර්ධනය කෙරෙහි එම රටෙහි ජනතාවගේ මානසික හා ශාරීරික සෞඛ්‍යය ද ඍජුවම බලපාන බව සියලූ දෙනාගේ මතය වේ. එහෙත් තවමත් මානසික සෞඛ්‍ය පිළිබඳ රටේ ජනතාව තුළ මෙන් ම වගකිවයුතු අංශවල ද ප‍්‍රමාණවත් තරම් අවධානයක් යොමු වී නැතx
රටේ ජීවනාලිය බඳු ළමයින් හා යොවුන් පරපුර සුවබර ක‍්‍රියාශීලී පුද්ගලයන් බවට පත් කිරීම සෞඛ්‍ය බලධාරීන්ගේ මෙන්ම ගුරු - දෙගුරුන් ඇතුළු වැඩිහිටියන්ගේ ද වගකීමක් නිසා ඒ පිළිබද සොයා බලා විධිමත් ක‍්‍රියාමාර්ග සිදු කිරීම අත්‍යවශ්‍ය වන්නේය.

මිලියන 21ක් වන ලාංකික ජනගහනයෙන් මිලියන 3.3ක් හෙවත් 16.4‍්‍ර  ක් යෞවනයන්  වෙති. නැතහොත් සෑම පුද්ගලයන් හය දෙනකුගෙන් එක් අයකුම වයස අවුරුදු 15-24 වයස් කාණ්ඩයට අයත් වෙති.
ළමා කාලයේ අවසානයත් වැඩිහිටි දිවියේ ඇරැුඹුමත් සටහන් කරන සංක‍්‍රාන්ති සමය යෞවනයයි. මේ අවධියේදී පුද්ගලයා තුළ විශාල ලෙස කායික හා මානසික වෙනස්කම් ඇති වේ. නව යෞවනයන් යනු සමාජයෙන් විවිධ දේ අපේක්ෂා කරන, සෑම දෙයක් ම ඉක්මනින් ග‍්‍රහණය කරගන්නා, විරුද්ධ ලිංගිකයන්ගේ ආකර්ෂණය දිනා ගැනීමට වෙර දරන, අවදානම් හැසිරීම් සහිත කණ්ඩායමකි. මේ අවදියේදී ඔවුහු සම්ප‍්‍රදායට එරෙහිව නැඟී සිටීමට වෙර දරන අතර පෞද්ගලික හා සමාජීය ජීවිතයේදී විවිධ ගැටලූවලට මුහුණපෑමට ද සිදු වේ. අන්තර් පුද්ගල සබඳතා වර්ධනය කර ගැනීමට පෙළැඹෙන කලබලකාරී වයසක පසුවන අතර මේ කාලයේදී නිසි මඟ පෙන්වීමක්, නිවැරැුදි ආශ‍්‍රයක් මෙන් ම සිය ගැටලූ විසඳා ගැනීමට ප‍්‍රමාණවත් සහයෝගයක් නැතිවන කල්හි අසරණ වීමත් නොමඟට යොමුවීමත් සිදුවේ. 

යෞවනයන්ගේ මේ හැසිරීම්වලට හේතුව හෝමෝන ක‍්‍රියාකාරිත්වයයි. හෝමෝන ක‍්‍රියාකාරීත්වය හේතුවෙන් ඇතිවන උත්තේජනය නිසා ඔවුහු ඇතැම් අවදානම් අවස්ථාවලට මුහුණ දෙති. එසේ සිදු වන්නේ පුද්ගලයාගේ ශරීරය වර්ධනය වුවත් ජීවිතය පිළිබඳ නිවැරැුදි තීන්දු තීරණ ගැනීමට උපකාරී වන ලෙස මොළයේ ඉදිරිපස කොටසේ වර්ධනය වී නැති වීම නිසාය. ආවේග පාලනයට අදාළ කොටස වයස අවුරුදු 15 පමණ වන විට හොඳින් වර්ධනය වී තිබේ. එහෙත් තීරණ ගැනීම සඳහා අදාළ වන මොළයේ ඉදිරිපස කොටස ඒ වන විට වර්ධනය වී නැත. ඒ කොටස හොඳින් වැඩෙනුයේ වයස අවුරුදු 20 - 25 අතර කාලයේදී. එහෙයින් යොවුන් වියේදීය. ඉදිරි අනාගතය, රැුකියාව, විවාහය වැනි ජීවිතයේ තීරණාත්මක අවස්ථා පිළිබඳ නිවැරැුදි තීන්දු තීරණ ගැනීමේ හැකියාව යෞවනයන් හට නැත. නිසි තීරණ ගැනීමට නොහැකි වීම නිසා ම යෞවනයන් සිය දිවි නසා ගැනීමට පෙළැඹීමේ ප‍්‍රවණතාවක් ද පවතී. යෞවනයන්ගේ මානසික සෞඛ්‍ය පිළිබඳ වඩාත් සැලකිලිමත් විය යුත්තේ මෙවැනි හේතු නිසාය.

මානසික රෝග, මත්ද්‍රව්‍ය හා මත්වතුර භාවිතය බොහෝ සියදිවි නසා ගැනීම්වලට හේතු වී තිබේ. මෙරට සිදු වන මාතෘ මරණවලින් වැඩි සංඛ්‍යාවකට හේතුවද සිය දිවි නසා ගැනීම්ය. පසු ප‍්‍රසව මානසික ව්‍යාකූලතා මෙලෙස මවුවරුන් සිය දිවි නසාගැනීමට ප‍්‍රධාන හේතුවය. මෙරට වාර්තාවන මානසික රෝගීන් සංඛ්‍යාව මෙන් දෙගුණයක් පමණ සමාජයෙහි වෙසෙන බවද වෛද්‍ය වාර්තා මගින් සනාථ කර තිබේ. 
මානසික සෞඛ්‍ය ක්ෂේත‍්‍රයෙහි මෙතෙක් වැඩි අවධානයක් යොමු වී ඇත්තේ රෝගී වූවන්ගේ සෞඛ්‍ය නංවාලීමටය. එහෙත් වැඩි අවධානයක් යොමු විය යුත්තේ ජනතාව මානසික රෝගවලට ගොදුරු වීමෙන් වළක්වා ගැනීම කෙරෙහි වන්නේය. රෝග නිවාරණය, සත්කාර මෙන් ම රෝහල් සේවා සංවර්ධනය අත්‍යවශ්‍ය වුවත් කායික මෙන් ම මානසික යහපැවැත්මෙන් යුතු ජනතාවක් බිහි කර ගැනීම සඳහා මනෝ සෞඛ්‍ය ප‍්‍රවර්ධන වැඩසටහන් රට පුරා පාසල්වල පටන් සේවා ස්ථාන දක්වා ආරම්භ කළ යුතු වීමද අවශ්‍ය වන ප‍්‍රධාන කරුණක් වශයෙන් ගත හැකි වේ.

මෙරට ජනගහනයෙන ් යෞවනයන සෑම ලක්ෂයකට 23.7 ක්ම සිය දිවි නසා ගන්නෝය. ඔවුන් අතරින් වැඩි දෙනෙක් පිරිමි වෙති. කාන්තාවන්ට වඩා තුන් ගුණයක් පිරිමි සියදිවි නසාගනිති. මෙරට සෑම යෞවනයන් 100කින් නව දෙනෙකුටම ජීවිතයේ කිසියම් අවස්ථාවක සියදිවි නසා ගැනීමේ සිතිවිල්ල පහළ වී ඇති අතර සෑම සිය දෙනකුගෙන් හත් දෙනකුම සියදිවි නසා ගැනීමට උත්සාහ කර තිබේ. යෞවනයන්ගෙන් 20% කටම ජීවත් වීමෙන් ඵලක් නැත යන සිතිවිල්ල ඇති වී තිබේ. සියදිවි නසාගැනීමට වඩාත් උත්සාහ කර ඇත්තේ නාගරික යෞවනයන්ය.

අධ්‍යාපනය සඳහා වන අධික තරගකාරී බව, වෙහෙස, දෙමවුපිය ආදරය හා රැුකවරණය අහිමිවීම. දුක් කරදර ගැටලූ බෙදා හදා ගැනීමට විශ්වාසවන්ත මිතුරු මිතුරියන් හෝ සමීප පුද්ගලයකු නැති වීම මෙන්ම මානසික අසහනය යෞවනයන් වැඩියෙන් සිය දිවි නසා ගැනීමට පොළඹවන කරුණුය. මේ සියල්ලට විසඳුම් ඇති අතර ඒ සියල්ලම පහසුවෙන් ම වළක්වා ගත හැකි ඒවාය.
          
මෙරට යෞවනයනගෙන් 9ක් දුම්බීමට යොමුව සිටිති. 10‍්‍ර  ක් මධ්‍යසාර භාවිතා කරන බව 2012 - 13 ජාතික යොවුන් සෞඛ්‍ය සමීක්ෂණ වාර්තාවෙන් හෙළි වී තිබේ. අපයෝජනයට ලක්වීම ද යෞවනයන මුහුණපාන ප‍්‍රධාන ගැටලූවක් බව එම වාර්තවේ සඳහන් වෙයි. නිසි දැනුම හා අවබෝධය, ප‍්‍රමාණවත් ලිංගික අධ්‍යාපනයක් ලබා දීම මෙන්ම ළමයා තුළ කුඩා කළ පටන්ම ජීවන කුසලතා සංවර්ධනය මඟින් අභියෝග ජය ගැනීමට හුරු කරවීම මේ සඳහා ඇති හොඳම පිළියම වේ.

මෙරට යෞවනයන්ගෙන් 60‍්‍%ර ක් ජංගම දුරකථන භාවිත කරන අතර, ඔවුන්ගෙන් 10‍්‍%  ක්ම ජංගම දුරකථන ඔස්සේ නාඳුනන පුද්ගලයන් සමඟ සබඳතා ගොඩනඟා ගෙන තිබේ. එහෙත් ඔවුන් අතුරින් නිවැරැුදි ලිංගික දැනුමක් ලබා තිබූ යෞවන පිරිස ඉතා අඩුය. ලිංගික දැනුම නියමාකාරයෙන් යෞවනයන් වෙත දීමෙන් යොවුන් ගැබ් ගැනීම්, ගබ්සා මෙන් ම මාතෘ මරණද අවම කරගත හැකිය.
ලෝක මානසික සෞඛ්‍ය දිනය ලබන ඔක්තෝබර් මස 10 වැනිදාට යෙදී තිබේ. මෙවැනි දින වලදී සිදු කෙරෙන වැඩ සටහන් හරහා මානසික සහනය නිවරදි තත්ත්වයේ නොපවතින තරුණ ළමා වැඩිහිටි ය සදහා දේශන මාලා මෙන්ම ප‍්‍රතිකාර ක‍්‍රම ක‍්‍රියාත්මක කිරීමද වඩාත් අගනේය.
පාසල් දරුවන්ගේ මානසික සෞඛ්‍ය සංවර්ධනයට මෙන්ම යෞවන් මානසික සෞඛ්‍ය සංවර්ධනය සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය ඇතුළු අදාළ අමාත්‍යාංශ සමඟ එක්ව සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින් උපදේශකයන් පුහුණු කිරීමේ වැඩසටහන් ද ක‍්‍රියාත්මක කිරීමට ද සුදුසු වන්නේය. සෑම දිස්ත‍්‍රික්කයකම ප‍්‍රජාවගේ මානසික සෞඛ්‍ය සංවර්ධනය සඳහා දිස්ත‍්‍රික් මනෝ සෞඛ්‍ය සායන පිහිටුවීමට කටයුතු කිරීම , සෑම දිස්ත‍්‍රික් රෝහලකටම විශේෂඥ සේවා ලබාගත හැකි මානසික රෝග සායන ඇති කිරීම ද මේවා වලක්වා ගැනීම සදහා ගත හැකි පියවර වශයෙන් හදුනා ගත හැකිවේ. දිස්ත‍්‍රික් සෞඛ්‍ය කාර්යාල හරහා පවුල් සෞඛ්‍ය සේවිකාවන් දැනුවත් කර මානසික සෞඛ්‍ය උපදේශන සේවා ලබාදීමට ද පියවර ගැනීම වඩාත් වැදගත් වේ.
මෙරට ළමා මානසික වෛද්‍යවරුන් ප‍්‍රමාණය මෙන්ම ඔවුන්ගේ ගුණාත්මක භාවයද වැඩි දියුණු කර මෙය මානසික සංවර්ධනය වැඩි දියුණු කිරීම සදහා යොදා ගත යුතු වේ. ඒ හරහා රටේ තරුනයක්න් ළමයින් වැඩි හිටියන් දැනුවත් කිරීම මෙන්ම අනාගත රට භාර ගැනීමට සිටිනා ළමයින් වෙත විශේෂ අවධානය යොමු කිරීමද අත්‍යාවශ්‍ය වේ.
මෙරට ඔට්සම් රෝගයෙන් පෙලෙන ළමයින් සංඛ්‍යාවද ක‍්‍රමයෙන් වැඩිවීගෙන යන තත්වයේ පවතින රෝග තත්වයක් වේ. ඒවා වලක්වා ගැනීම සදහා සුදුසු ප‍්‍රතිකාර ක‍්‍රම හදුනා ගැනීම පුනරුත්ථාපන කදවුරු ක‍්‍රියාත්මක කිරීම ආදිය සිදු කල යුතු වේ.  
                ශ‍්‍රී ලංකාවේ උද්ගතව ඇති සෞඛ්‍ය ගැටළු හා ඊට ගත හැකි ක‍්‍රියාමාර්ග

ලෙඩ රෝග බෝ වීම සම්බන්දව විශාල  වශයෙන් බලපාන කරුණක් ලෙස ගත හැකි වන්නේ පාරසරික ගැටළු හරහා උද්ගතව ඇති ප‍්‍රශ්න ගැටළු රාශිය වේ.
ගංවතුර
නාය යාම් 
සුනාමි
හරිතාගාර ආවරණය
ආදී විවිධ පාරසරික ගැටළු හරහා මෙම ලෙඩ රෝගයන්ට මාර්ගය විවෘත වීම හදුනා ගත හැකි වේ.  මේ හරහා,
බෝ නොවන රෝග
බෝ වන රෝග
වසංගත රෝග 
ආදිය ව්‍යාප්ත වීම වලක්වා ගැනීමට නොහැකි තත්වයේ පවතී. මෙම රෝග තත්ත්වයන් හරහා සංවර්ධනයට ඇති වී තිබෙන බාධකයන් ඉවත් කරගැනීම මගින් රටේ සංවර්ධනය වේගවත් කරගත හැකි වේ. මේවා උද්ගත වීමට දරිද්‍රතාවයේ ගැටළු, පාරිසරික ගැටළු හා සමාජීය ගැටළු බලපා තිබේ. මෙම ගැටළු සුපරික්ෂාකාරිව ගෙන සලකා බැලීම මගින් එහි තත්වයන් අධ්‍යනය කොට නිවැරදි ක‍්‍රියාමාර්ග සපයා ගැනීමට හැකි වේ. ශ‍්‍රී ලංකාව තුල උද්ගත වී ඇති සෞඛ්‍ය ගැටළු ලෙස,
මන්දපෝෂණය 
වකුගඩු රෝග
ඩෙංගු 
දියවැඩියාව 
මි උණ 
ආදී විශාල ලෙඩ රෝග රාශියක් හදුනා ගත හැකි වේ. මෙම ගැටළු රටක් තුල නිතර උද්ගත වී පැවතීම එරට සංවර්ධනය කෙරෙහි එය විශාල වශයෙන් බලපාන කාරණාවක් බවට පත් වේ.එහ්ර්යිනි ඒවාට සාර්ථක විසදුම් රජය හෝ සමාජ සංවිධාන හරහා ලබා ගත යුත්තේ. එමගින් රටක විශාල වෙනසක් ඇති කල හැකි අතර ජාතික සංවර්ධනය සදහා නිරෝගිමත් ප‍්‍රජාවකගේ දායකත්වයද සපයා ගත හැකි වේ.
මන්දපෝෂණය 
තුන්වන ලෝකයේ රටක් ලෙස ශ‍්‍රී ලංකාවට උද්ගත ඇති තවත් එක විශාල ප‍්‍රශ්නයක් ලෙස මන්දපෝෂණය හදුනා ගත හැකි වේ. සංවර්ධන අරමුණු හදුනා ගැනීමේදී මන්දපෝෂණය එක් අංගයක් ලෙස සලකනු ලබන්නේ නිවැරදි පෝෂ්‍යදායි ආහාර වේලක් ලබා ගත නොහැකිව සිටින මිනිසුන් ඇතුලත් රටක් සංවර්ධිත රටක් ලෙස ගණන් ගැනීමට අපහසු නිසාවෙනි. 
ජනගහනයට සාපේක්ෂව වැඩිම පිරිසක් මන්දපෝෂණයෙන් පෙළෙන දකුණු ආසියාවේ දෙවැනි රට බවට ශ‍්‍රී ලංකාව පත්ව ඇත. එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකාර්මික සංවිධානයේ ”ලෝකයේ ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණය 2017” වාර්තාවට අනුව මෙරට මන්දපෝෂණය ජනගහනයට සාපේක්ෂව සියයට 22.1කි. අදාළ වාර්තාව සකස් වී ඇත්තේ 2014 සිට 2016 දක්වා දෙවසරක දත්ත පදනම් කරගෙනය. ලංකාව මන්දපෝෂණ තත්ත්වය පාසල් වයසේ දරුවන්ට දැඩිව බලපා ඇති බව වාර්තා වූයේ මීට කාලෙකට පෙරය. ඊට යම් පිළියම් යෙදුණද පොදුවේ ගත්කළ මේ වනවිට රටේ තත්ත්වය යහපත් නැති බව පැහැදිලිය. සාගරයෙන් වටවූ, ජලයෙන් පිරුණු හරිත පැහැ ගත් මෙවැනි රටක ”මන්දපෝෂණය” ප‍්‍රශ්නයක් වීම කනගාටුවට කරුණකි.
2006-07 ජන සංඛ්‍යා හා සෞඛ්‍ය සමීක්ෂණයන්ට අනුව, බර අඩු දරුවන් බිහිවීමේ වැඩිම අගය වාර්තා වන්නේ වතුකරයෙනි. මේ ප‍්‍රදේශවල දරු උපත් 31‍්‍ර  ක් අඩු බර දරු උපත් වේ. නුවරඑළිය හා බදුල්ල දිස්ත‍්‍රික්කවලින් වැඩියෙන්ම බර අඩු දරු උපත් වාර්තා වූ 2000 සමීක්ෂණයට වඩා මෙය 10‍්‍ර  ක වැඩිවීමකි. නුවරඑළියේ මේ ප‍්‍රතිශතය 33.8‍්‍ර  ක් වූ අතර, බදුල්ල දිස්ත‍්‍රික්කයේ එය 21.9‍්‍ර ක් විය.
ශ‍්‍රී ලංකාවේ අවම වේතන ලබන්නන් අතර වතු කම්කරුවෝ ද වන අතර නිල සංඛ්‍යාලේඛනවලට අනුව 1991 - 2006 වකවානුවේ වතු කම්කරුවන් අතර දිළිඳු භාවයේ වර්ධනය 56‍්‍ර  කි. 
සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් 2010 වසරේදී දරුවන්ගේ හා කාන්තාවන්ගේ පෝෂණ තත්ත්වය පිළිබඳ ජන සංඛ්‍යා හා සෞඛ්‍ය සමීක්ෂණයක් පවත්වා තිබිණි. එහිදීද හඳුනාගෙන තිබුණේ රටේ වෙනත් පළාත්වලට වඩා වැඩි ප‍්‍රතිශතයක මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් උතුරු නැගෙනහිර පළාත්වල සිටින බවය.  
රටේ සාමාන්‍ය ළමා මන්දපෝෂණ මට්ටම සියයට 29 ක් පමණ වෙනවිට එම පළාත්වල එය සියයට 46 ක් තරම් ඉහළ අගයක් ගන්නා බවත් ගැහැණු ළමයින් සියයට 42 ක ප‍්‍රතිශතයක් හා පිරිමි ළමුන් සියයට 50 ක ප‍්‍රතිශතයක් මීට ගොදුරු වී ඇති බවත් එම සමික්ෂණ වාර්තාවල පෙන්වා දී ඇත. සරිලන බර නොමැතිවීම කෙටිකාලීන මන්දපෝෂණය ලෙස හදුන්වනු ලබයි.  ලංකාවේ කෙටිකාලීන මන්දපෝෂණය ඇති ප‍්‍රතිශතය සියයට විසි එකක් (21.4%* ලෙස ලෝක ආහාර සුරක්ෂිතභාවය හා පෝෂණය පිළිබඳ 2017 වර්ෂයට අනුව ප‍්‍රකාශයට පත්ව ඇත. නමුත්  2017 ජන විකාශ සහ සෞඛ්‍ය සමීක්ෂණයට අනුව ලංකාවෙහි කෙටිකාලීන මන්දපෝෂණ ප‍්‍රතිශතය සියයට පහළොවයි දශම එකක් (15.1* බව වාර්තා වී තිබේ.

දීර්ඝ මන්දපෝෂණය ලෙස හදුන්වනු ලබන්නේ වයසට සරිලන බර නොමැති වීමයි. මෙය දකුණු ආසියාතික රටවල් සමග බලූ විට ශ‍්‍රී ලංකාව සාධනීය මට්ටමක පවතී. ඉන්දියාවේ දීර්ඝ කාලීන මන්දපෝෂණ ප‍්‍රතිශතය සියයට තිස් අටයි දශම හතරයක් වන විට  (38.4%*, භූතානයේ සියයට තිස් තුනයි දශම හයක් පමණ වේ. (33.6%*. එසේ බැලූ විට ශ‍්‍රී ලංකාවේ පවතින්නේ අඩු ප‍්‍රතිශතයකි. එනම් සියයට දාහතරයි දශම හතකි. (14.7%*.    
මෙය වලක්වා ගැනීමට නම් ආර්ථික අපහසුතා ඇති ප‍්‍රදේශ වල ජිවන තත්ත්වය නගා සිටුවීම සදහා විදිවිධාන සකස් කල යුතු වේ. ඒ සමග, 
x කෘෂිකර්මාන්තය නගා  සිටුවීම. 
x වැවිලි ක‍්‍රම හදුන්වා දීම. 
x ස්වයං රැුකියා සංවර්ධනය.     
 ආදිය සිදු කල හැකි වේ.

වකුගඩු රෝග 
නිදන්ගත වකුගඩු රෝගය ශ‍්‍රී ලංකාවේ ග‍්‍රාමීය ප‍්‍රදේශවල ප‍්‍රධාන සෞඛ්‍ය ගැටලූවක් බවට පත් වී තිබේ. මුල දී උතුරු මැද හා ඌව පලාත් වලට පමනක් සීමා වී පැවති නමුත් දැන් වයඹ, නැගෙනහිර, දකුනු හා මධ්‍යම පලාත් වලටත් උතුරු ප ලාතේ කොටසකටත් රෝගය ව්‍යාප්ත වී ඇත.
                   
දරිද්‍රතාවය පැතිරුන මෙම ප‍්‍රදේශවල ජීවත් වන ජනතාවගෙන් බහුතරය වී සහ හේන් ගොවියෝ ය. බහුලව රෝගයට ගොදුරුවන්නෝ පිරිමි ගොවියෝ සහ කෘෂිකාර්මික කම්කරුවෝ වෙති. එසේ වුවත්, රෝගයට ගොදුරු වන කාන්තාවන්ගේ සහ ලමුන්ගේ සංඛ්‍යාව ඉහල නැගෙමින් තිබෙන බව වාර්තා වෙයි.
ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව උතුරු මැද සහ ඌව පලාත්වල වයස අවුරුදු 15-70 අතර ජනයාගෙන් සියයට 15ක් පමණ නිදන්ගත වකුගඩු රෝගයෙන් පීඩා විඳිති. 1991 රෝගය ප‍්‍රථමයෙන් හඳුනා ගැනීමෙන් පසුව උතුරු මැද පලාතේ අනුරාධපුර දිස්ත‍්‍රික්කය තුල පමනක් 22,000 ට වැඩි සංඛ්‍යාවක් මිය ගොස් ඇත.
මෙම රෝගය, ශ‍්‍රී ලංකාවේ ප‍්‍රධානම ජීවනෝපාය වන ගොවිතැන සිදුකරන ගොවියා ගොදුරු කරගන්නා මාරාන්තික රෝගයක් වීම, අප රට මුහුණ පා ඇති විශාලතම සෞඛ්‍ය ප‍්‍රශ්නයයි. එපමණක් නොව සෑම වසර 4 කටම වරක් රෝගීන්ගේ ප‍්‍රතිශතය දෙගුණ වීමක් දක්නට ඇත.මේ වන විට උතුරුමැද පළාතේ ජනගහනයෙන් 16% ක් මෙම රෝගයට ගොදුරු වී ඇත (ලෝ.සෞ.සං.2013*. දැනට 20,000 කට වැඩි රෝගීන් සංඛ්‍යාවක් මරණයට පත්වී අති අතර ලක්ෂයකට ආසන්න සංඛ්‍යාවක් රෝගීන් බවට පත් වෙමින් සිටින බව විශ්වාස කෙරේ. සාමාන්‍යයෙන් නිධන්ගත වකුගඩු රෝගියෙක් හඳුනාගන්නා විට වකුගඩු යුගලයෙන් 60-70% ප‍්‍රමාණයක් විනාශ වී පවතී. එබැවින් දැනට හඳුනාගෙන සිටින රෝගීන් සංඛ්‍යාවට වඩා වැඩි, අති විශාල ගොවීන් සංඛ්‍යාවක් රෝගීන් බවට පත්ව ඇති බව පැහැදිලිය. මුල් කාලයේ දී මැදි වයසේ රෝගීන් වාර්තා වුවත් වර්තමානයේ ළමා පරපුරද මේ රෝගයට ගොදුරු වෙමින් පවතී.
කෘෂිකාර්මික ශිෂ්ඨාචාරයක් මත ගොඩනැගුනු ලාංකික සිංහල බෞද්ධ සංස්කෘතිය වර්තමානයේ මුහුණපාන දරුණුතම ව්‍යසනය බවට මෙය පත්වෙමින් පවතී. මෙම රෝගය  සුවකල හැකි නිශ්චිත ප‍්‍රතිකාරයක් බටහිර වෛද්‍ය විද්‍යාවේ හෝ දැනට ලංකාවේ ලියාපදිංචි වෙනත් වෛද්‍ය ක‍්‍රමයක හෝ නැත.
සාමාන්‍යයෙන් නිදන්ගත වකුගඩු රෝගවලට හේතු වන්නා වූ දියවැඩියාව, අධිරුධිර පීඩනය, ගුච්ýකාවල   ආසාදන තත්ත්වයන් මෙම රෝගය සඳහා මුලික හේතු කාරක නොවේ. ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු විවිධ පර්යේෂණ කණ්ඩායම් 2010 වසරේ අග භාගය වන තෙක් මෙම රෝගයට හේතුව සෙවීම සඳහා කරන ලද පර්යේෂණයන්ගෙන් පිළිගත හැකි නිශ්චිත හේතුවක් ඉදිරිපත් නොවූ බැවින් මෙයට නොදන්නා හේතුවකින් හටගන්නා වකුගඩු රෝගය(ජනාම* ලෙස නම් කර තිබුණි. 
හදුනා ගත හැකි පරිදි මෙයට හේතුන් ලෙස කෘෂිකර්මාන්තය ආශ‍්‍රිතව කටයුතු කරනු ලබන පුද්ගලයන් හට හටගන්නා රෝගයක් ලෙස කිව හැකි වේ. කෘෂිකර්මාන්තය තුලදී භාවිතා කරනු ලබන විෂ රසායන ද්‍රව්‍ය ශරීරයට  මුසු වීම සමග කාලයක් යත්ම මේවා වකුගඩු රෝග වැළදීම දක්වා ගමන් කරයි. මෙඅවට සෘජු විසදුම් රජය විසින් ලබා දිය යුතු අතර වකුගඩු රෝගය අවම කිරීම සදහා ක‍්‍රියාමාර්ග ගත යුතු වේ. 

ඩෙංගු
බොහෝ විට නාගරීකරණය වූ ජනාකීර්ණ ප‍්‍රදේශ වල ඩෙංගු රෝගය බහුලව ව්‍යාප්ත වන බව හදුනා ගත හැකි වේ. ඩෙංගු රෝගය ශ‍්‍රී ලංකාවේ  වාහක රෝගයන්  අතර ප‍්‍රධාන තැනක් ගන්නා  අතර පළමු වරට රසායනාගාර පරීක්ෂණ මගින් ඩෙංගු රෝගය බවට තහවුරු කරන ලද රෝගියකු වාර්තා වුයේ 1962 වසරේදීය. ඩෙංගු වසංගත තත්වයක් පළමුවරට වාර්තා වුයේ 1965-1966 වසරවලදී වන අතර ඩෙංගු රක්තපාත රෝගීන් කිහිපයක් පමණක් මේ අතර සිටින ලදී. වෛද්‍ය පර්යේෂණ ආයතනය මගින් සිදු කරන ලද පර්යේෂණ වලට අනුව 1970 හා 1980 දශකවල ඩෙංගු රෝග ව්‍යාප්තිය නොකඩවා සිදු වී ඇති අතර වසංගත තත්වයන්ද යම් යම් කාල වකවානු තුල සිදුවී ඇත.  මේ කාලය තුල තීව‍්‍ර ඩෙංගු රෝග තත්වයන් වන ඩෙංගු රක්තපාත හා ඩෙංගු කම්පන තත්වයන් ඉතා කලාතුරකින් පමණක් වාර්තා වී ඇත.
                                         
ඩෙංගු රෝගයේ වර්තමාන තත්වය
ඩෙංගු වෛරසය දිවයිනේ බොහෝ ප‍්‍රදේශයන් වල විශේෂයෙන්ම වඩාත් නාගරීකරණය වූ හා ජනාකීර්ණ ප‍්‍රදේශයන් වල වසර මුළුල්ලේම පැතිර යෑමේ ප‍්‍රවනතාවක් පෙන්නුම් කරයි. වැඩි රෝගීන් සංඛ්‍යාවක් වසර මැද (මැයි මස සිට ජූලි මස අතර කාලයේදී * නිරිත දිග මෝසම් වැසි ආශ‍්‍රිතව ද  වසර අගදී ( ඔක්තෝබර් සිට ජනවාරි දක්වා* ඊසාන දිග මෝසම් වැසි සහිත කාලගුණය ආශ‍්‍රිතවද වාර්තා වේ.

වර්ෂය                  රෝගීන් ප‍්‍රමාණය

2010                     34 105

2011                    28 140

2012                     44 456

2013                    32 063

2014                    47 502

2015                     29 777
ඉහත ආකාරයට ඩෙංගු රෝගය ශ‍්‍රී ලංකාව ආශ‍්‍රිතව ව්‍යාප්ත වී ඇති ආකාරය හදුනා ගත හැකි වේ.

දියවැඩියාව
ජාන හරහා පරම්පරාවෙන් පරම්පරාවට දියවැඩියාව හට ගනී. මව හා පියා දෙදෙනාටම දියවැඩියාව තිබේ නම් 100‍්‍% දරුවන්ට හටගනී. මව හෝ පියා එක් අයකුට තිබේ නම් 50‍% දක්වා දරුවන්ට හට ගනී. මව හා එම පවුලේ සහෝදරයන්ට 75‍්‍%  දක්වා හටගනී. එම සහෝදරයින්ගේ දරුවන් 25‍්‍% දක්වා හටගනී. කුඩා ළමුන්ට හා පෙර පාසල් ලමුන්ට මෙම රෝගය හටගන්නේ දෙමවුපියන්ගෙන් එන ජාන හරහාය. පාසල් ළමුන් අධික පැණි රස ආහාර කෑම, පැණි බීම වර්ග, කෘත‍්‍රිම ආහාර බහුලව කෑම නිසාත් දෙමාපියන්ගේ ජාන හරහාත් හටගනී.
                                                    
පැණි රස කිරි රස ආහාර වැඩිපුර ගැනීම පාන් පිටිවලින් නිෂ්පාදිත ආහාර වැඩිපුර ගැනීම සති දෙකකට වරක්‌වත් තිත්ත දෙයක්‌ ආහාරයට නොගැනීම කේක්‌ වර්ග පැණි බීම වර්ග බිත්තර කුකුළුමස්‌ බහුලව ආහාරයට ගැනීම ජාන තාක්‌ෂණ ආහාර ගැනීම කෘත්‍රිම ආහාර වර්ග නිතර නිතර වැඩිපුර ගැනීම සිට්‌රික්‌ ඇසිඩ් ඇසිටික්‌ ඇසිඩ් කොන් සිරප් සෝඩියම් බෙන්සොයිල් සෝඩියම් බයිකාබනේට්‌ ඇමෝනියම් ග්ලූකෝස්‌ සැකරීන් අජිනොමොටෝ අඩංගු ආහාර ගැනීමෙන් දියවැඩියාව හට ගනීග එපමණක්‌ නොව පිළිකා වයිරස්‌ද ගැස්‌ට්‍රයිටීස්‌ද ඇතිවේග
ශ‍්‍රී ලංකාව ඇතුළු ලොව පුරා දියවැඩියා රෝගීන් වාර්ෂිකව ඩොලර් බිලියන 550 ක් වැය කරන්නේ දියවැඩියාව පාලනය සඳහා ඖෂධ මිලදී ගැනීමටයි. ශ‍්‍රී ලංකාවේ පස් දෙනෙකුගෙන් එක් අයෙකු දියවැඩියා රෝගයෙන් පෙළෙන බව ජාතික දියවැඩියා සංගමය පවසයි. වැඩිම රෝගීන් වාර්තා වන්නේ බස්නාහිර පළාතෙනි. අඩුම රෝගීන් ඌව පළාතෙන් වාර්තා වේ. මේ රෝගය සෘජුවම ආහාර රටාව හා බැඳී පවතින්නකි. 
මෙම තත්ත්වයන් පාලනය කිරීම සදහා රජය මගින් ක‍්‍රියාමාර්ග ගත යුතුව තිබේ. නැතහොත් එය ජාතික සංවර්ධනය සදහා මහත් ලෙස බලපාන කරුණක් බවට පත් වේ.

මි උණ
ආසාධිත සතුන්ගේ මූත‍්‍රා හෝ පටක වලට නිරාවරණය වී දින 7 - 14 ක් අතර මී උණ රෝග ලක්ෂණ ආරම්භ වේ. නමුත් වාසනාවට 90‍්‍ර- 95‍්‍ර  ආසාධන, රෝග ලක්ෂණ මතු නොවන හෝ යන්තමින් උණ මතුවන අවස්ථාවය.
රෝගය නියම ලෙස ඉදිරියට යනුයේ අවස්ථා 2කිනි :
පලමු අවස්ථාවේ විශේෂිත නොවූ උණ තත්වය, හිසරදය, මාංශ පේෂි රුදාව, කෑම අරුචිය, සනීප නැති බව, ඉහළ ආලෝකය සමග ඇස් කැක්කුම, වෙව්ලා උණ ගැනීම. ඇස් රතුවීම හා ඇස්වල දියර ගැලීම සිදුවේ. සමහර විට අක්මාව හා ප්ලිහාව ඉදිමීම, වසා ග‍්‍රන්ථි ඉදිමීම හා සමේ ලප ඇති වීම දැකිය හැක.
දෙවන අවධිය ඇති වනුයේ, සනීප තත්ත්වයක් ඇති වී දින කිපයකිනි. උණ, බෙල්ල තද ගතිය හා කැක්කුම හෝ සමහර රෝගීන්ගේ ඇස්වල ස්නායු මොළය හෝ සුසුම්නා ප‍්‍රදාහය ඇති විය හැක. උදරයේ දකුණූ ඉහල පෙදෙසේ කැක්කුම ඇති විය හැක.
උණ හා අක්මා වකුගඩු රෝග ඇතිවිට එය ”විල්ස් සහ ලක්ෂණය” ලෙස හදුන්වන අතර එයට ආවේණික වනුයේ ඇස්  කහපාට වීම හා භයානක අවස්ථාවේ වකුගඩු අක‍්‍රිය වීම, හෘදය අක‍්‍රිය වීම පෙනහළුවල ලේ ගැලීම් හෝ සංසරණය අක‍්‍රිය වීම.
බොහෝ විට කෘෂිකර්මාන්තය ආශ‍්‍රිතව රැුකියාව සිදු කරන පුද්ගලයන් හට මෙය වැළදීමට බොහෝ ඉඩකඩ තිබේ. මෙය වලක්වා ගැනීමට නම් මියන් ගැවසෙන ස්ථාන පිරිසිදු කිරීම එම ස්ථාන වලින් අත් වී සිටීම ආදී ක්රියාමර්ග ගත හැකි වේ.
මේ ආකාරයට ශ‍්‍රී ලංකාවේ බහුලව ක‍්‍රියාත්මක වන රෝග කිහිපයක් හදුනා ගත හැකි අතර මේවා පාලනය කිරීම සදහා රජය විසින් විධිවිධාන සකස් කල යුතු වේ.මන්ද සංවර්ධන කාර්යයෙදී මහජනතාව දායක කර ගැනීමට නම් මහ ජනයා මනා මානසික මෙන්ම ශාරීරික සෞඛ්යකින් යුක්ත විය යුතු වීම අනිවාර්ය වීම නිසාය. ඒවා සදහා නීති රීති පැනවීම සෞඛ්‍ය ක‍්‍රම පුරුදු පුහුණු කිරීම ආදිය ක‍්‍රියාත්මක කරලිය හැකි වේ.
                        ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ ක්ෂේත‍්‍ර
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවය ගත්කල ලෝකයේ නිදහස් සෞඛ්‍ය සේවාව මැනවින් ක‍්‍රියාත්මක වන රටක් වශයෙන් ගත හැකි වේ. නමුදු මෙම සෞඛ්‍ය සේවය හරහා සිදු වන මෙහෙය ලෙඩ රෝග පාලනය කිරීමට ගත්තද එය මුලිනුපුටා දැමීම සදහා භාවිතා කල යුතුව තිබේ. මන්ද රෝග පාලනය කිරීමට වඩා රෝග සදෙන ස්ථාන විනාශ කරදැමීම වඩාත් ඵලදායී වන නිසාවෙනි.
ශ‍්‍රී ලංකාව තුල සිදුවන පහත ක්ෂේත‍්‍ර හරහා ඒවා ක‍්‍රියාත්මක කරලිය හැකි වේ.

පූර්ව ප‍්‍රසව හා පසු ප‍්‍රසව සංරක්ෂණ ඒකකය
ප‍්‍රසව හා නව ජන්ම සංරක්ෂණ ඒකකය
පවුල් සැලසුම් ඒකකය
ළමා පෝෂණ ඒකකය
ළමා සංවර්ධන හා විශේෂ සේවා ඒකකය
පාසල් සෞඛ්‍ය ඒකකය
නව යොවුන් හා තරුණ සෞඛ්‍ය ඒකකය
ස්ත‍්‍රි පුරුෂ සමාජ භාවය හා කාන්තා සෞඛ්‍ය ඒකකය
සැලසුම්කරණ, සුපරීක්ෂණ හා ඇගයුම් ඒකකය
මුඛ සෞඛ්‍ය ඒකකය
මාතෘ ළමා සංකූලතා හා මරණ ආවේක්ෂණ ඒකකය
පර්යේෂණ හා සංවර්ධන ඒකකය
ප‍්‍රජනක සෞඛ්‍ය ඒකකය

ශ‍්‍රී ලංකාව තුල උද්ගත වී ඇති බොහොමයක් සෞඛ්‍ය ගැටළු වලට විසදුම් ඉහත අංශ හරහා සිදු කරන ලද ව්‍යාපෘති හරහා ඉටු කරගත හැකි වේ. රජය මගින් පොදුවේ කරන දැනුවත් කිරීම් වලට අමතරව ඒ ඒ අංශ හරහා සිදු කරන ලද ව්‍යාපෘති වලින් සාර්ථක විසදුම්ද ලබා ගත හැකිය. ශ‍්‍රී ලංකාව තුන්වන ලෝකයේ රටක් ලෙස ලගා කරගත යුතු අභියෝගයක් ලෙස නොරෝගිමත්කම හෙවත් පහල රෝග ප‍්‍රතිශතයක් ලග කරගැනීම සංවර්ධනයේ මුලික ඉලක්කයක් වේ. මන්ද රටක සංවර්ධනය කෙරෙහි මුලිකවම බලපාන මානව සම්පත නොරෝගිව සිටීම මෙයට බොහෝ දුරට බලපාන කාරණාවක් වන නිසාවෙනි.

ශ‍්‍රී ලංකාවේ වඩාත් වැදගත් වූ සෞඛ්‍ය ක‍්‍රියාවලියක් ලෙස පවුල් සෞඛ්‍ය                  සේවාව නගාසිටුවීම
1970 දශකයේ මුල් භාගයේ සිටම සමස්ථ සෞඛ්‍ය සේවා පද්ධතිය තුළම, මාතෘ හා ළමා සෞඛ්‍ය සේවාවට හිමිවූයේ සුවිශේෂි ස්ථානයකි. දිවයින පුරා කාර්යක්ෂම සහ ඵලදායී පවුල් සෞඛ්‍ය සේවාවක් දියත් කිරීම පිණිස, අවශ්‍ය යටිතල පහසුකම් දියුණු කිරීම සදහා මෙය ඉමහත් දායකත්වයක් දරන ලදී.
සෞඛ්‍ය වනාහී වැඩි භාර¥ර්යයක් දරනු ලබන විෂයක් වන අතර, මධ්‍යම රජයේ සහ පළත් සෞඛ්‍ය බලධාරීන්ගේ මැදිහත්වීමෙන් පවුල් සෞඛ්‍ය සේවාවන් සපයනු ලැබේ.
පවුල් සෞඛ්‍ය කාර්යාංශය යනු ජාතික මට්ටමෙන් මාතෘ හා ළමා සෞඛ්‍ය සේවාවේ සහ පවුල් සෞඛ්‍ය සේවාවේ සැලසුම්කරණය, සම්බන්ධීකරණය, නියාමනය සහ ඇගයීම සදහා වගකියන්නාවූ කේන්ද්‍රස්ථානයයි.
පළාත් මට්ටමෙන්, පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා දෙපාර්තමේන්තු ප‍්‍රධානියා ලෙස කටයුතු කරන අතර, දිස්ත‍්‍රික් මට්ටමෙන් සෞඛ්‍ය බලධාරියා ලෙස දිස්ත‍්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකගේ සහය ඔහුට ලැබේ. දිස්ත‍්‍රික් සෞඛ්‍ය සේවා කණ්ඩායම විසින්, සේවා සැපයීමේදී සිය සහාය දිස්ත‍්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෙත ලබාදෙනු ලැබේ. මෙම තාක්ෂණික කණ්ඩායම, වෛද්‍ය නිලධාරී (මාතෘ හා ළමා*, ප‍්‍රාදේශීය වසංගත රෝග විශේෂඥ, දිස්ත‍්‍රික් - පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක, ප‍්‍රාදේශීය පරිපාලන මහජන සෞඛ්‍ය හෙද සොයුරිය, සෞඛ්‍ය අධ්‍යාපන නිලධාරී, ප‍්‍රාදේශීය දන්ත ශල්‍ය වෛද්‍ය, සංඛ්‍යා සමීක්ෂණ නිලධාරී සහ සැලසුම් සහ වැඩසටහන් නිලධාරී යන අයගෙන් සමන්විත වේ. මාතෘ හා ළමා සෞඛ්‍ය සංරක්ෂණය සහ සේවා සැලසුම්කරණයසහ නියාමනය සදහා වෛද්‍ය නිලධාරී (මාතෘ හා ළමා* සෘජුවම වගකීම දරයි.
දිස්ත‍්‍රික්කයක් තුළ, වෛද්‍ය ආයතනය සහ සෞඛ්‍ය ඒකක හරහා විසිරුණු සේවා ජාලයක් මගින් ඉහත සේවාවන් සැපයීම සිදුකෙරෙනු ලැබේ. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී  විසින් පාලනය වන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශය කුඩාම සෞඛ්‍ය ඒකකය වන අතර්, සෑම දිස්ත‍්‍රික්කයකම එවැනි කොට්ඨාශ 7 සිට 20 දක්වා අන්තර්ගත වේ. මහජන සෞඛ්‍ය හෙද සොයුරිය, මහජන සෞඛ්‍ය පරීක්ෂක, පරිපාලන පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිණී සහ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිණී යන අයගේ සහාය, ක්ෂේත‍්‍ර සේවාවන් සැපයීමේදී සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෙත ලැබේ.
ප‍්‍රජාව තුළ මව්වරුන් සහ දරුවන් උදෙසා දොරින් දොර සේවය සපයනු ලබන ප‍්‍රමුඛ පෙළේ නිලධාරිණිය වනුයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිණියයි. 2000 සිට 5000 දක්වා දිවෙන ජනගහනයක් භරකාරත්වය සහිත ක්ෂේත‍්‍රයක් ඇයගේ වපසරිය යටතේ ඇත. ක‍්‍රමානුකූලව පිළියෙල කරගත් ගෘහ ඇවිදීම් හරහා ඇය විසින් සිය සේවය ගර්භනී මව්වරුන්ට, නවජන්මයන්ට, ළදරුවන්ට සහ පෙර පාසල් වියේ දරුවන්ට ලැබෙන අතර, පවුල් සදහා අවශ්‍ය පවුල් සැලසුම් උපදේශනය සහිත පවුල් සැලසුම් කටයුතුද සපයනු ලැබේ. සෞඛ්‍ය අධ්‍යාපනය ලබාදෙමින්ද, පවුල් සැලසුම් ක‍්‍රමවේදයන් සදහා පහසුකම් ලබාදෙමින්ද, ඒ සදහා ගෘහස්ථ පසුගමන් යමින්ද (ගිලින පෙති සහ කොන්ඩම* ඇය සිය සේවය ලබා දෙන්නීය.
වසය අවු. 35ට වැඩි කාන්තාවන් සුවනාරී සායන කටයුතු සදහා යොමුකිරීමත් එසේ යොමු කළ අය සදහා පසු විපරම් කිරීමත් ඇය විසින් සිදු කෙරෙන වැදගත් කර්තව්‍යයකි. ගෘහස්ථ සේවා සැපයීමට අමතරව, ප‍්‍රදේශයේ සායන සංවිධානය කරමින්, ප‍්‍රජාව සෞඛ්‍ය සේවාව කෙරෙහි යොමුකිරීමද ඇය විසින් සිදුකෙරෙනු ලැබේ. රෝග නිවාරණය සහ සෞඛ්‍ය ප‍්‍රවර්ධනය අරමුණු කරගත් මාතෘ හා ළමා සෞඛ්‍ය සේවාවක් සැපයීම සදහා, මෙම ක‍්‍රියා පිළිවෙළ මනාව විකසනය වී ඇති අතර, එය ලෝකයේ බොහෝ සංවර්ධනය වෙමින් පවතින රටවලද මහගු ආදර්ශයකි.
පවුල් සෞඛ්ය සේවිකාවන් යනු ලංකාවේ සෞඛ්ය පද්ධතියට විශාල මෙහෙවරක් ඉටු කරන කොටසක්. සෞඛ්‍ය සේවිකාවකගේ මුලික කාර්ය භාරය වුයේ ගර්භනී මවුවරුන්ට අවශ්‍ය දැනුම හා සේවා සැපයීමත්, දරු ප‍්‍රසුතිය සඳහා සහය දැක්වීමත්, ප‍්‍රසුතියෙන් පසු මවට අවශ්‍ය සහය සැපයිමත්ය. රටේ මළදරු උපත්, ප‍්‍රසුතියේදී ඇති විය හැකි මාතෘ හා දරු විපත් මොවුන්ගේ සේවාව නිසා බොහෝ මද පැවැත්වෙනවා.
කෙටියෙන්ම කියතොත් පෙර කළ ප‍්‍රසව හා නාරි කර්තවය සිදු වුනේ පවුල් සෞඛ්ය සේවිකාව අතිනිx නුතන කාලයේ මෙම කාර්යයෙන් එහා ගොස් සමාජයේ සියළු කාලීන සෞඛ්‍ය සත්කාර වලට සෞඛ්ය සේවිකාවන් දායක වෙනවා. ලංකාවේ දළ වශයෙන් සෞඛ්ය සේවිකාවන් 5000ක් පමණ සේවයේ නියුතු වන අතර පුද්ගල ජනගහනය 2000-4000 ට එක් සෞක්‍ය සේවිකාවක් සේවයට යෙදවීම සාමාන්‍ය අනුපාතයයි.

පවුල් සෞඛ්ය සේවිකාවන් අතින් සිදු වන මුලික කර්තවයන් කිහිපයක් පහත දක්වමු
1. මුලික පවුල් සැලසුම්කරණයට අවශ්‍ය උපදෙස් හා සේවාවන් දොරින් දොරට ගොස් ලබා දීම.

යම් ප‍්‍රජාවක කෙනෙකු මුල් වරට නෙත ගැටෙන සෞඛ්‍ය නිලධාරියකු වන්නේ පවුල් සෞඛ්ය සේවිකාවයි. අදාළ ග‍්‍රාමීය කොට්ටාශයේ දොරින් දොරට යන සෞඛ්ය සේවිකාවන් නිවැසියන් අතර විශේෂයෙන් ගැබිනි මවුවරුන් සිටීදැයි සොයා බල ඔවුන්ට අවශ්‍ය දැනුම් ලබා දී ඔවුන් වෛද්‍ය නිලධාරී දෙපාර්තමේන්තුව වෙත යොමු කරනු ලබයිx 
දරුවාගේ හෘද ස්පන්ධනය මෙන්ම මවගේ රුධිර පීඩනය ආදිය පරික්ෂා කර දැනුවත් කරයි. අලූත් මවක් වේනම්  දරුවා පරිහරණය කරන අයුරු, කිරි දෙන ආකාරය හා පෝෂණ කටයුතු යනාදිය ගැන මනාව දැනුවත් කරයි.

2. පෙර ප‍්‍රසූති සහය සඳහා වැඩමුළු පැවැත්වීම.

ගැබිණි මවුවරුන් සඳහා වෛද්‍ය නිලධාරී දෙපාර්තමේන්තුව විසින් පවත්වන විවිධ වැඩමුළු වලට යොමු කරන අතර ගර්භනී සමයේ ඇතිවන පොදු ගැටළු ගැන පහදා දී, 
සෞඛ්්‍ය සම්පන්න ආහාර පාන ගැනීම, 
කලට වෙලාවට නියමිත සායන වලට ඉදිරිපත් වීම, 
නියමිත එන්නත් ලබා දීම සම්බන්ධයෙන් දැනුවත් කරනු ලබයිx

3. අදාල එන්නත් ලබා දීම හා අවශ්‍ය රුධිර පරීක්ෂාවන් කිරීම.

ගැබිණි හා නව මවුවරුනට සතිපතා හා මාසික වෛද්‍ය සයන පැවැත්වෙන අතර මෙහිදී මවුවරුන් හා ළදරුවන් පරික්ෂා කර බලා අවශ්‍ය උපදෙස් හා මුලික ප‍්‍රතිකාර ලබා දෙනු ලබයිx
නොමිලේම ලබා දෙන පවුල් සෞඛ්ය සේවිකාවන්ගේ සේවය අප රටේ මිල කළ නොහැකි පහසු කමකිx කොළඹ නගරයෙන් පිට ප‍්‍රදේශ වල තවමත් ගම් වාසීන් නොමදව මෙම සේවයෙන් ප‍්‍රයෝජන ගැනීම සතුටට කරුණකිx අද කාලයේ පවුල් පෙරට වඩා පුංචි පවුල් වන්නේ බහුතරයක් ගත් කල එක පවුලක දරුවන් එක්කෙනෙක් හෝ දෙදෙනෙකු වන බැවිනි.
මෙවන් වූ කල නගරයේ මවුවරුන්ද දරුවන් පරිහරණය කිරීමේදී මදක් නොසන්සුන් වීම දැකගත හැකි වේ.  පවුල් සෞඛ්ය සේවිකාවන්ගේ සේවාව ගැන තවත් දැනුවත් වීමෙන් බොහෝ දෙනෙකුට එම සේවාවන් භුක්ති විදින්නට හැකි  වේග 
සෞඛ්‍ය ගැටළු වලක්වා ගැනීම සදහා යොදා ගත හැකි සන්නිවේදන උපාය මාර්ග

         සන්නිවේදනය යනු මිනිසාගේ සියලූ කාර්යන් පිටුපසව අත්‍යාවශ්‍ය වූ කාර්යක් ඉටු කරන මෙවලමක් වශයෙන් හදුනා ගත හැකි වේ. මේ හරහා වැදගත් තොරතුරු රාශියක් ලබා ගැනීම, ලබා දීම හා දැනුම්වත් වීම සිදු වේ. මෙම දැනුම්වත් වීමේ ක‍්‍රියාවලිය විවිධ සමාජ අවශ්‍යතා සදහා භාවිත කිරීම මගින් යහපත් සන්නිවේදන රටාවක් බිහිවීම මෙන්ම ප‍්‍රශ්න ගැටළු නිරාකරණය කරගැනීම සදහා මහෝපකාරී වන්නේය. එසේම සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට අත්‍යවශ්‍යයෙන්ම ලග කරගත යුතු ඉලක්කයක් ලෙස සෞඛ්‍ය සේවය හදුනා ගත හැකි වේ. ඒ සදහා දැනුවත් කිරීම් සිදු කිරීම් සිදු කිරීමට සන්නිවේදන මාධ්‍යයන් භාවිතා කිරීම සිදු කල යුතු වේ.
ඒ සදහා භාවිතා කල හැකි මාධ්‍යන් ලෙස 
ජන මාධ්‍ය 
නව මාධ්‍ය  
සාම්ප‍්‍රධායික මාධ්‍ය 
හදුනා ගත හැකි වේ. මේ හරහා සෞඛ්‍ය සේවයේ පවතින ගැටළු අබියෝග ජනතාවට හදුන්වා දීමත් එම අබියෝග ගැටළු ජය ගැනීම සදහා ජනතාව සහභාගී කරගැනීමත් සිදු කල හැකි වේ. ඒ අනුව
ජනමාධ්‍ය වශයෙන් 
රුපවාහිනිය 
ගුවන් විදුලිය 
පුවත්පත
නවමාධ්‍ය වශයෙන් 
අන්තර්ජාලය 
පරිඝනකය 
සාම්ප‍්‍රධායික මාධ්‍ය වශයෙන් 
ජන ගී
ජන නාට්‍ය 
ජන නැටුම්
ශාන්තිකර්ම
ආදියද හදුනා ගත හැකි වේ.
මිනිසා මුලිකවම සන්නිවේදන කටයුතු කරන මෙම මාධ්‍යයන් හරහා යම් සමාජ කාර්යයන් සදහා දැනුවත් කිරීම් සිදු කිරීම මහත් අගනේය.
රුපවාහිනිය
සන්නිවේදන මාධ්‍යන් වශයෙන් මුලිකවම අප භාවිත කරනු ලබන්නේ ජන මාධ්‍යයන්ය. ඒ අතුරින් රුපවාහිනිය යනු වඩාත් විශාල පිරිසක් විසින් භාවිත කරනු ලබන එකවර පුළුල් ග‍්‍රාහක ප‍්‍රජාවක් ආමන්ත‍්‍රණය කල හැකි ශ‍්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යක් වශයෙන් හදුනා ගත හැකි වේ. මේ හරහා සිදු කරන දැනුවත් කිරීම් මහජනයා ග‍්‍රහණය කරගනු ලබන්නේ විශ්වසනීයත්වයකින් යුක්තවය. මන්ද ශ‍්‍රව්‍ය පමණක් නොව දෘශ්‍ය මාධ්‍යයෙන්ද පණිවිඩ ඉදිරිපත් කල හැකි නිසාවෙනි.
නූතන ලෝකයේ රූපවාහිනිය සැලකෙන්නේ තොරතුරු හා විනෝදාත්මක මාධ්‍යයක් ලෙසයි. නමුත් මින් වසර කිහිපයට පමණ පෙර ටෙලිවිෂනය රටේ ජනතාවගේ අවශ්‍යතා බොහෝමයක් වෙනුවෙන් පෙනී සිටියා.ශ‍්‍රී ලංකාවේ තිස් පස් වසරකට වඩා දිග ඇරුණු යුධමය වාතාවරණයකදී, රටේ වාතාවරණය සහ ආරක්ෂිත තත්ත්වය පිළිබඳ ජනතාව දැනුවත් කිරීමට රාජ්‍ය මාධ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය සිදු කල මෙහෙවර අපට අමතක කල නොහැකියි. එසේම වර්තමානයේ සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමේදීද එසේ තම කාර්යභාරය ඉෂ්ට කරලන්නේ නම් මහත් අගනේය
රුපවාහිනිය සෙසු ජන මාධ්‍යයන්ට  වඩා ප‍්‍රබල ලෙස තොරතුරු රැුගෙන යාමේ හැකියාව එය සතු වන්නේය. සාමාන්‍යයෙන්  පුද්ගලයකු යමක් අවවබෝධ කරගන්නේ , දැකීමෙන්න් 83‍්‍ර ක්, ශ‍්‍රවණය කිරීමේන් 11‍්‍ර ක්, ගන්ධයෙන් 3.5‍්‍ර ක්, රසයෙන් 1.5‍්‍ර ක් සහ ස්පර්ශයෙන් 1‍්‍ර  ක් වශයෙනි . එමේන්ම යමෙකුට පැය 3කට පසු මතක තබා ගැනීමේ  හැකියාව ශ‍්‍රව්‍ය  70‍්‍ර ක්ද, දෘශ්‍ය  71‍්‍ර  ක් ද, ශ‍්‍රව්‍ය  දෘශ්‍ය  85‍්‍ර  ක් ද වේ. එබැවින්  සෞඛ්‍ය සංවර්ධනාත්මක සංදේශ ග‍්‍රාහකගත කිරීමේදී සාර්ථකව භාවිතා කළ හැකි මාධයයක් වන්නේ රූපවාහිිනී යයි. සාක්ෂරතාවය, සෞඛ්‍ය , කෘෂි කර්මාන්තය, ග‍්‍රාම සංවර්ධනය, අධයාපනය ආදී විවිධ විෂයය ක්ෂේත‍්‍ර සම්බන්ධයෙන් පුළුල් දැනුමක් රූපවාහිිනී වැඩසටහන් ඔස්සේ ජනතාගත කළහැකි අතර, එම වැඩසටහන් ව්‍යුහය පහත පරිදි හඳුනාගත හැකිය.  
 අධ්‍යාපනික වැඩසටහන් සංවර්ධන ක‍්‍රියාවලියේදී කැපී පෙනෙන  කාර්යභාරයක් ඉටු කරයි.  උදාහරණ:- ත‍්‍රී ටු පයිව් , අධයාපන විකාශය, ලෝක ප‍්‍රකට සෙසම්විදිය  වැඩසටහන.  ජනප‍්‍රිය රූපාවාහිිනී  වැඩසටහන් ආකෘතියක්ව වන ටෙලිනාට්‍යයද  සංවර්ධන අවශ්‍යතා සඳහා භාවිතා කළ හැකිය. විවිධ දේශපාලනික මතවාද ඉදිරිපත් කිරීම, ¥ෂණ වංචා හෙළිදරව් කිරීම, මාතෘ හා ළමා සෞඛ්‍ය, ලිංගික  සෞඛ්‍ය , බෝවන ලෙඩරෝග   ආදිය පිළිබඳව ද තොරතුරු එමඟින් ඉදිරිපත් කළහැකිය. උදාහරණ, අප‍්‍රිකානු මහාද්වීපය තුල ප‍්‍රචලිත   මුල් ගුරුතුමා, ”ඉඳුරු දොර”, ”ඇල්ල ලග වලව්ව” ආදී ටෙලිනාට්‍ය මඟින් ඒඞ්ස් රෝගය  සහ ලාදුරු රෝගය සම්බන්දව දැනුවත් කිරීම් සිදු කළේය.
මේ ආකාරයට රුපවාහිනිය හරහා සෞඛ්‍ය සංවර්ධනය සදහා දායක කරගත හි වැඩසටහන් ක‍්‍රියාත්මක කල හැකි වේ.

ගුවන් විදුලිය 
රූපවාහිණී මාධ්‍යද අතික‍්‍රමණය කරමින් ක‍්‍රියාත්මක වන සයිබර් අවකාශය ඔස්සේ කෙරෙන අන්තර්ජාල සන්නිවේදන ක‍්‍රම බොහොමයක් බිහිවී ඇතත්, ගුවන් විදුලිය තවමත් අපේ රටේ ජනයා අතර හෘහයාදගම ශ‍්‍රව්‍ය මාධ්‍යක් ලෙස ජනසන්නිවේදන මාධ්‍යන් අතර සක‍්‍රීයව පවතී. ඉතාමත් සරලව අඩු පහසුකම් යටතේ පවත්වාගෙන යා හැකි විශේෂ ජන මාධ්‍යයක් ලෙස ගුවන් විදුලිය හදුනා ගත හැකි වුවද ඒ හරහා සිදු කල කාර්ය භාරය අතිමහත් බව අතීත සිද්දි අධ්‍යයනය කිරීමේදී වැටහී යන කරුණක් වේ. ගුවන් විදුලි නාට්‍ය යනු එසේ සමාජ වෙනසක් ඇති කරලිය හැකි වැඩසටහනක් වශයෙන් පෙන්වා දිය හැකි වේ.
උදාහරණ ලෙස වෙළද සේවය හා සිටි එෆ් එම්  ඒකාබද්ධව විනාඩි 15ක වැඩසටහනක් හරහා ඩෙංගු මර්දන සිට තුල සිදු කරනු ලබා ඇති රාජ්‍ය ආයතන පරික්ෂා කිරීමේ වැඩසටහන පිලිබදව සදහන් කර තිබේ.නෙත් එෆ් එම්  හරහාද මෙවැනි ඩෙංගු මර්දන වැඩ සටහන් ක‍්‍රියාත්මක කර තිබේ.
මිට අමතරව ගුවන් විදුලිය යනු රුපවහිනි පහසුකම් ලබා ගත නොහැකි අඩු පහසුකම් සහිත මිනිසුන් හට පහසුවෙන් සංවර්ධන සංදේශ යැවිය හැකි මාධ්‍යක් වශයෙන්ද හදුනා ගත හැකි වේ. ඒ සදහා ගුවන් විදුලි නාට්‍ය සංවාද සාකච්චා වැඩමුළු හරහා ජනතව දැනුවත් කිරීම් සිදු කල හැකි වේ.

පුවත්පත
රුපවාහිනිය ගුවන් විදුලිය බිහි වීමටත් පෙර සිට ජනයා වැළදගෙන සිටි ඉතාමත් බලපෑම් සහගත මාධ්‍යයක් ලෙස පුවත්පත් හදුනා ගත හැකි වේ.මුද්‍රිත මාධ්‍යයක් වන පුවත්පත අතීතයේ මෙන්ම වර්තමානයේද පුළුල් බලපෑමක් කල හැකි ජන මාධ්‍යයක් වශයෙන් හදුනා ගත හැකි වේ. පුවත්පත් කියවීමට හුරුව සිටින මිනිසා අනිවාර්යයෙන්ම දිනපතා පුවත්පත් කියවීමට යොමු වේ. මෙම පුවත්පත් හරහාද සෞඛ්‍ය සන්නිවේදන ක්රියමර්ග දියත් කරලීම මෙන්ම දැනුවත් කිරීමද සිදු කරලිය හැකි වේ. 
උදාහරණ ලෙස ඩෙංගු මර්දන සතිය තුලදී ලංකාදීප පුවත්පත මගින් එම පුවත්පතට පැගිරි තෙල් මිශ‍්‍ර කර මුද්‍රණය කිරීම හදුන්ව දිය හැකි වේ. 
එමෙන්ම සෞඛ්‍ය සංවර්ධනය පිළිබද සමාජ දැනුවත්කිරීම් සදහා පුවත්පවත් වල දැන්වීම් පල කිරීම ද සිදු කල හැකි ක‍්‍රියාවලියක් වශයෙන් හදුන්ව දිය හැකි වේ
එමෙන්ම පුවත්පත් ආයතන විසින් වැඩමුළු පැවැත්වීම
ආදියද සෞඛ්‍ය සංවර්ධනය සදහා පුවත්පත් තුලින් ඉටු කරගත හැකි කාර්යයන් වශයෙන් හදුන්ව දිය හැකි වේ.
නව මාධ්‍ය
වර්තමානයේ තරුණයන් මෙන්ම ළමයින් වැඩිහිටියන් අතරද මහත් ලෙස ව්‍යාප්තව පවතින් මෙන්ම වැඩි  වැඩියෙන් භාවිතාකරන මාධ්‍යයක් වශයෙන් නව මාධ්‍ය හදුන්ව දිය හැකි වේ. මෙම නව මාධ්‍යයන් මගින් ඉටු ගර ගත හැකි සන්නිවේදන අරමුණු රාශියක් පවතින්නේ එහි ඇති පහත ලක්ෂණ නිසාවෙනි.
ආකර්ශනීය බවකින් යුක්ත වීම.
පහසුවෙන් පරිහරණය කිරීම.
ඕනෑම අවස්ථාවක තොරතුරු දැනගැනීම සදහා භාවිත කල හැකි වීම.
ශ‍්‍රව්‍ය දෘශ්‍ය මෙන්ම ලිඛිත මාධ්‍ය හරහාද තොරතුරු ලබාගත හැකි වීම.
තොරතුරු යාවත්කාලින වීම.

ආදී කරුණු නිසා වැඩි වශයෙන් මෙය භාවිතා කිරීමට මිනිසුන් පෙළබි තිබේ. ජන මාධ්‍ය පරිහරනය කිරීමට කාලයක් නොමැති වීම ආදිය නිසා මෙහි භාවිතය තවත් ඉහල ගොස් තිබේ. එම නිසා වර්තමානයේ සෞඛ්‍ය  සංවර්ධන වැඩසටහන් ක‍්‍රියාත්මක කිරීම සදහා වඩාත් වැදගත් උපාය මාර්ගයක් ලෙස භාවිතා කල් හැකි වන්නේ නව මාධ්‍යයි.
ඒ සදහා 
වයිබර්
වට්ස් ඇප් 
ෆෙස් බුක් 
ට්විටර් 
ආදිය පලදායී ලෙස භාවිත කල හැකි වේ. ඒ සදහා 
වීඩියෝ පට නිකුත් කිරීම 
චායාරුප පල කිරීම 
ලිපි පල කිරීම ආදිය සිදු කල හැකි වේ.

වඩාත් ආකර්ශනීය මෙන්ම බහුලව භාවිතා කරන මාධ්‍යයක් නිසාවෙනුත් තරුණ ජනතාව වැඩි වශයෙන් භාවිතා කරන මාධ්‍යයක් නිසාවෙනුත් මෙහි දක්වන ලද තොරතුරු පුළුල් සමාජ කතිකාවතට ලක් වන කරුණු ලෙස හදුන්ව දිය හැකි වේ.
සාම්ප‍්‍රධායික මාධ්‍ය
සම්ප‍්‍රධායික මාධ්‍ය වශයෙන් අප හදුනා ගන්නේ කාලයක් තිස්සේ ගැමි ජනතාව අතර තොරතුරු , දැනුම, විවේකය, විනෝදය සඳහා භාවිතා වන නූතන කාර්මික තාක්ෂණික මේවලම් භාවිතා නොවන සන්නිවේදන ක‍්‍රම සාම්ප‍්‍රධායික මාධ්‍ය ලෙස අර්ථ දැක්විය හැකිය. එසේත  නැතහොත් සාම්ප‍්‍රධායික සමාජ වල  ප‍්‍රබවය ලබා ඒවා තුලම ක‍්‍රියාත්මක වූ මාධ්‍ය සාම්ප‍්‍රධායික මාධ්‍ය වශයෙන් අපට හදුනා ගත හැකි වේ.
සාම්ප‍්‍රදායික සමාජ වල ගති ලක්ෂණ වශයෙන්
x තාක්ෂණික කාර්මික මෙවලම් භාවිතා නොවීම.
x කාලයක් තිස්සේ ගැමියන් අතර කටකතා භාවිතයෙන් පැවතීම.
x නිශ්චිත අර්ථ සහිත වීම
x විශාල පිරිසකට එකවර ඇමතීමට නොහැකි වීම 
x තේරුම් ගැනීමට විශේෂ නානයක් අවශ්‍ය නොවීම.
x ඕනෑම තරාතිරමක අයෙකුට තේරුම් ගත හැකි වීම.
x සරල හා සාමාන්‍ය වීම.
x පරිසර හිතකාමී වීම.
x ආගන්තුක නොවීම හා සමිපභාවය.
x අවධානය හා පොළඹවන සුළු මනෝ විද්‍යාත්මක බලපෑම.
x විශ්වසනීයත්වය.
x අතිශය නිර්මාණශීලි වීම.
ආදිය හදුනා ගත හැකි වේ. නුතන සන්නිවේදන මාධ්‍යයන් තාක්ෂණික වීම හා පුද්ගලික අංශයට බරවීම ලාභ පරමාර්ථයෙන් යුක්ත වීම. භාවිත සන්න සංකේත තේරුම් ගැනීමට අපහසු වීම. නාගරික කේන්ද්‍රීය වීම.ජනමාධ්‍ය කෙරෙහි ග‍්‍රාමීය ජනයාගේ විශ්වාසය හින වීම ආදිය නිසා සාම්ප‍්‍රධායික මාධ්‍ය කෙරෙහි වැඩි අවධානයක් යොමු වීමට හේතු වශයෙන් දැක්විය හැකි වේ.
එමෙන්ම රටක සංවර්ධන කාර්යයේදී සාම්ප‍්‍රධායික මාධ්‍ය භාවිතා කිරීමේ වැදගත්කම පිලිබදව මහාචාර්ය විමල් දිසානායක මුලික කරුණු කිහිපයක් යටතේ පෙන්වා දී තිබේ. 
x නවීන සන්නිවේදන ක‍්‍රම පිලිබදව ජනතාව තුල විශ්වසනීයත්වයක් නොමැති වීම.
x නවීන ජනසන්නිවේදන මාධ්‍ය ගැමි ජනයාට ආගන්තුක වීම 
x සම්ප‍්‍රධායික මාධ්‍ය ගැමි ජනතාවට මැනවින් හුරු පුරුදු සන්ධර්භ හා සංකේත භාවිතා කිරීම.
x දිළිඳු රටවල ජනතාව සුළු පිරිසකට සිමා වීම.
x සාම්ප‍්‍රධායික මාධ්‍ය ග්රාහකයින්ගේ ක‍්‍රියාකාරී සහභාගිත්වය ලබාගැනීමට සමත් වීම.

  ආදී ක‍්‍රමවේද නිසා ග‍්‍රාමීය ජනයා වැඩි වශයෙන් සාම්ප‍්‍රධායික මාධ්‍ය භාවිතා කිරීමට පෙළඹී ඇත.සාම්ප‍්‍රධායික මාධ්‍ය සදහා උදාහරණ වශයෙන් ජනකවි, ජනගිත ජන ඇදහිලි අභිචාර විධික‍්‍රම කෙම්ක‍්‍රම විශ්වාස ගැමි නාටක රුකඩ කවි කොලය ශාන්තිකර්ම යතුකර්ම පුද්ගලාන්තර සන්නිවේදනය,කණ්ඩායම් සන්නිවේදනය, අනබෙරය,විරිදුව ජන නැටුම ජන සංකේත පින්කම් ජන ක‍්‍රීඩා ශ‍්‍රමදාන සාකච්ඡුා ආදිය හදුනා ගත හැකි වේ.  
මේ අනුව නුතන සෞඛ්‍ය සංවර්ධනය සඳහා සම්ප‍්‍රධායික මාධ්‍ය භාවිතා කල හැකි ආකාරය උදාහරණ ආශ‍්‍රයෙන් පහත පරිදි හදුනා ගත හැකි වේ.
x ඒඞ්ස් රෝග මර්දනය සදහා රුකඩ භාවිතය චිත‍්‍ර භාවිතය හා වීදි නාට්‍ය භාවිතා කරනු ලබයි.
x බෝවන ලෙඩ රෝග සන්නිවේදනය කිරීම සදහා කොහොඹ අතු එල්ලීම,වීදි නාට්‍ය භාවිතය හා ගැමි නාට්‍ය භාවිතය.
x ග‍්‍රාමීය මට්ටමේ සෞඛ්‍ය සන්නිවේදනය සඳහා පවුල් සෞඛ්‍ය සේවිකාව,කෘෂිකාර්මික සන්නිවේදනය සඳහා ගොවි නියමක, ප‍්‍රජ අවශ්‍යතා සදහා සමෘද්ධි නිලධාරින් අදින් ඔස්සේ පුද්ගලාන්තර සන්නිවේදනය භාවිතය 
x දෙවොල් මඩු ශාන්ති කර්මය හරහා ගැමි සමාජ වල ආධ්‍යාත්මික සංවර්ධනයක් සිදු කරයි.
x රට යකුම් හෙවත් රිද්දි යාගය ජන ජිවිතයේ ඉතා වැදගත් වූ දරුපල ලැබීම හා සම්බන්ධ වූ ලිංගිකත්වය හා බැඳුනු දැනුම සන්නිවේදනය කරයි.
x කවි කොලය හා කවි ආකෘතිය නුතන සෞඛ්‍ය සන්නිවේදනය සඳහා භාවිත කරයි.
  ආදී වශයෙන් විවිධ මාධ්‍යයන් යොදා ගනිමින් සිදු කල හැකි සෞඛ්‍ය සන්නිවේදන උපාය  මාර්ග හදුනා ගත හැකි වේ. ඒ අනුව මෙහි වැඩි වශයෙන්ම සාර්ථක ක‍්‍රියාවලියක් ලෙස සාම්ප‍්‍රධායික මාධ්‍ය හරහා සෞඛ්‍ය දැනුවත් කිරීම් සිදු කිරීම අතිශය ඵලදායී කාර්යභාරයක් වශයෙන් හදුනා ගත හැකි වේ. මන්ද නිනිසුන් සියලූ දෙනාම පහේ විශ්වසනීයත්වයෙන් වලදගන්නා මාධ්‍යයක් වශයෙන් සාම්ප‍්‍රධායික මාධ්‍ය හදුනා ගත හැකි නිසාවෙනි. එය පරිසර හිතකාමී තිරසාර සංවර්ධනය සඳහාද මහෝපකාරී වන්නේය.
                                         නිගමනය
තුන්වන ලෝකයේ රටක් ලෙස ශ‍්‍රී ලංකාව තුල සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ වර්ධනය පහල මට්ටමක පවතී. බෝ නොවන රෝග වසංගත සෞඛ්‍ය ගැටළු ආදිය පිළිබද ජනතාව තුල දැනුම්වත් වීම ප‍්‍රමාණවත් මට්ටමක නොපවතී. එම නිසා සමාජය දැනුම්වත් කිරීමේ ක‍්‍රමෝපාය වශයෙන් විදිමත් ගැලපෙන හා නිවැරදි සන්නිවේදන මාධ්‍යක් යොදා ගැනීම අත්‍යවශ්‍ය වේ. වර්තමාන ජන මාධ්‍යයන් මේ සඳහා වහ ක‍්‍රියාත්මක විය යුතු තත්ත්වයක පවතිද්දී ඒ පිළිබඳව උනන්දුවක් නොදක්වමින් කටයුතු කිරීම කණගාටුවට කරුණක් වශයෙන් දැක්විය හැකි වේ. තුන්වන ලෝකයේ රටක ජන මාධ්‍යයන් වගකීමකින් යුතුව කටයුතු කරන්නේ නම් එම රටේ සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම අපහසු කාර්යයක් නොවන්නේය. එසේම ශ‍්‍රී ලංකාවේ පෞද්ගලික ජන මාධ්‍යයන් ගත කල වැඩි 
වශයෙන් ලාබය මත පදනම්ව ක‍්‍රියාත්මක වන නිසා එහි වගකීම් සංකල්පය බැහැර වී පවතී. රටක් වශයෙන් සංවර්ධන ඉලක්කයන් සපුරා ගැනීමට නම් සියලූ දෙන එකාවන්ව පෙළගැසීම අනිවාර්ය වේ. මන්ද සංවර්ධනය යනු පොදු සංකල්පයක් වන නිසාවෙනි.
එමෙන්ම රටක සංවර්ධනය මනින අබියෝගයක් ලෙස සෞඛ්‍ය සංවර්ධනය නගා සිටුවීමට සියලූම සන්නිවේදන  මාධ්‍යයන් කටයුතු කල යුතුව තිබේ. එසේ නොමැතිනම් ශ‍්‍රී ලංකාව අනාගතයේදීද සංවර්ධනය වෙමින් පවතින රටක් වශයෙන් නම් කරනු ලබමින් පවතී. මිනිසුන්ගේ සියලූම හැසිරීම් තීරණය කරනු ලබන සන්නිවේදන මාධ්‍යයන් හට මෙම සංවර්ධන කාර්යයේදී ඉෂ්ට කල යුතු කාර්යභාරය වඩාත් විශාල වේ. එමගින්, 
x මහජන මතය සකස් කිරීම
x මහජනතාව සංවර්ධනයට ක‍්‍රියාකාරී ලෙස දායක කරගැනීම
x මහජන ගැටළු සාකච්චා කිරීම පිළියම් සොයා ගැනීම
x ආදී කරුණු කෙරෙහි අවධානය යොමු කරලීම වඩාත් ප‍්‍රයෝජනවත් වේ.
එමෙන්ම දියුණු කරගත හැකි සන්නිවේදන උපාය මාර්ගයක් ලෙස සාම්ප‍්‍රධායික සන්නිවේදනය හදුන්වා දිය හැකි වේ. එහි ඇති 
x නිර්මාණශීලි ස්වභාවය 
x සරල වීම
x තේරුම් ගැනීමට පහසු වීම 
ආදී කරුණු හරහා උගත් නුගත් බේදයකින් තොරව සංවර්ධන ක‍්‍රමෝපායන් පිළිබද දැනුවත් කිරීම් සිදු කරලිය හැකි වේ.
                                       

ආදරේ මගින් break වෙන්නේ නැති වෙන්න ඕනි නම් මේ කරුණු 7ත් දැනගන්න

හැමදාමත් ආදරේ මගින් break වෙන්නේ නැති වෙන්න ඕනි නම් මේ කරුණු 7ත් දැනගන්න                                ආදරේ කියන්නේ youth එකට s...