කොරියාව
හදුනා ගනිමු.
උතුරු අක්ෂාංශ
33ත් 43 ත් අතරද නැගෙනහිර දේශාංශ 124 ත් 131 ත් අතර (උතුරු කොරියාව ඇතුළුව )
පිහිටා ඇත.
කොරියානු අර්ධද්වීපය
ආසියානු මහද්වීපයේ දකුණු දිශාවේ සිට නැගෙනහිර දේශ සිමාව දක්වා විහිද යයි. කොරියානු
අර්ධද්වීපය 38 වන සමාන්තර රේඛාව මගින් උතුරේදී යන්තමින් බෙදී ඇත. දකුණු කොරියානු ජනරජය
සහ උතුරු කොමියුනුස්ට් කොරියාව යුධ මුක්ත කලාපයෙන් වෙන් වී ඇත.
මෙහි පරිමාණය දිගින්
1020 km ද වඩාත්ම පටු ස්ථානය 216 km පළල ද වේ. අගනුවර සෞල් වන අතර මෙහි ජන ගහනය ආසන්න
වශයෙන් මිලියන 48.2 (2005 ) දී තහවුරු කර ඇත. මෙහි භාෂාව කොරියන් භාෂාව වන අතර
ඕනෑම ආගමක් ඇදහීමට නිදහස ඉඩකඩ තිබේ. සම්ප්‍රදායික ආගම් වශයෙන් ෂාම දහම බුදු දහම
කොන්ස්තියුසියස් දහම ක්‍රිස්තියානි දහම මුලික වේ. මෙහි සුළු ආගම් සම්ප්‍රදායික
ආගම්වල මුලධර්මයන්ගේ සංයෝගයන් මත පදනම් වී ඇත. මෙහි ආර්ථික තත්වය 2005 තුලදී දල
ජාතික අදායම ඇමරිකානු ඩොලර් බිලියන 681කි. එක පුද්ගල අදායම ඇමරිකානු ඩොලර් 14,162
කි.
දේශගුණය
කොරියාව තුල පැහැදිලිවම සෘතු භේදය දැකිය හැකි අතර
මෙය සමශිතොෂ්ණ කලපයක පිහිටා ඇත.
වසන්ත සෘතුව(මාර්තු සිට මැයි දක්වා)
මාර්තු අගදී හෝ අප්‍රියෙල් මස මුල් කාලය අතරතුර ගස්වල
දළු ලියලා කොළ පැහැයෙන් බබලන අතර වසන්ත සෘතුවේ ආරම්භය මින් හැගවේ. මේ කාලය තුල
බොහෝ දුරට අව් රශ්මියෙන් යුත් ප්‍රබෝධමත් කාලගුණයක් දැකිය හැක මෙ කලය තුල සාමාන්‍ය
උෂ්ණත්වය 15-20 °c ත් අතර වේ.
ග්‍රීෂ්ම සෘතුව (ජුනි
මස සිට අගෝස්තු දක්වා)
මේ කාලය රස්නේ ගතියකින් යුතු අතර වැසි
වලින් යුක්තය. වෘක්ෂලතා කොළ පැහැයෙන් යුතු වන අතර හොදින් වැඩුන බවක් පෙනේ. ජුනි මස
වන විට සාමාන්‍ය උෂ්ණත්වය 20 °c ට වඩා වැඩි වේ. මෝසම් වැසි සාමාන්‍යයෙන්
ජුනි මස අග වන විට ආරම්භ වන අතර ජුලි මැද හෝ අග දක්වා පවතී. අගෝස්තු මාසය තරමක්
රස්නේ ගතියකින් යුතු අතර 25 °c ට වඩා වැඩි වී උපරිමය 30 °c දක්වා වේ.
වාතය තෙත් ගතියකින් යුතු වේ.
සරත් සෘතුව (සැප්තැම්බර්
- ඔක්තෝම්බර් අතර කාලය )
සරත් කාලයේදී විශේෂයෙන් සැප්තැම්බර්
අග වන විට නිරන්තර සුළං ඇති වේ. පැහැපත් වියලි කාලගුණයක් පවතින අතර මේ මාසයන්
අවුරුද්දේ සුන්දරම කාලයන් වන බව හැදින්විය හැක ඔක්තෝම්බරයේ වෛවර්ණ වුත් විචිත්‍ර
වුත් රන් පැහැ සහ රත් පැහැ ගැන්වුණු දර්ශනය ඉතාමත් කදිමය.
සිසිර සෘතුව (නොවැම්බර්-
පෙබරවාරි)
සිත සෘතුවේ සිතල මෙන්ම වියලි
කාලගුණයක් පවතී. විටින් විට ඇතිවන හිම පතනයද මෙකල සුලබ දසුනකි. සිත කාලගුණයෙන්
යුතු දවස් කීපයක් ඇතිවීම නිතර දැකිය හැක. ජනවාරි මසදී සාමාන්‍ය උෂ්ණත්වය 0.7 °c වේ.
ඉදිරි පාඩම තුලින් කොරියානු හෝඩිය
හදුනා ගනිමු. Sithengimawatha.blogspot.com
ASINTHA PRABHASHINI
UNIVESITY OF
KELANIYA
DEPARTMENT OF
MASS COMMUNICATION
3RD
YEAR
godak wadagath..
ReplyDelete