2) පාඩම හන්ගල් (කොරියානු හෝඩිය) 한글
ව්‍යංජන හා ස්වර එක් වීමෙන් හන්ගල් (කොරියානු හෝඩිය) නිර්මාණය
වේ. එය ක්‍රි.ව 1443 දී සේජෝන්ග් රජු හා එවකට සිටි විවිද විද්වතුන් එක වී නිර්මාණය
කරන ලද ලිවීමේ ක්රමයකි. මේ හෝඩිය නිර්මාණය කිරීමට පෙර කොරියානු ජාතිකයින් සතුව
ඔවුන්ට අනන්‍ය වූ ලිවීමේ ක්‍රමයක් නොවිය. ඔවුන් ඒ වෙනුවට චීන අක්ෂර භාවිත කළහ.
නමුත් සාමාන්‍ය ජනයට ලිවීමේදී හා කියවීමේදී ගැටළු පැන නැගිණ. ඒ අනුව හන්ගල්
නිර්මාණය වූ අතර එමගින් සියල්ලන්ටම ඉගෙනීමේ පහසුව සැලසින.
හන්ගල්හි කොරියානු භාෂාවට අදාල වන්නා වූ වාග් විද්‍යානුකූල ශබ්දයන්
මෙම ස්වර හා ව්‍යංජන 40 තුල ගැබ්ව ඇත. ඒ අතර ස්වර 21ක හා ව්‍යංජන 19කි. මුලික ව්‍යංජන
5 නිර්මාණය වී ඇත්තේ ශබ්ද උප්පත්ති ස්ථාන මුල් කරගෙනය. අනෙකුත් සියලු ව්‍යංජන
නිර්මාණය වී ඇත්තේ මුලික ව්‍යංජන වලට අතිරේක සංකේත එකතු වීමෙනි. (.),දිව්‍යලෝකය (-),පොලොව,
(|)මිනිසා යන සංකේත මුල්කරගෙන මුලික ස්වර නිර්මාණය වී ඇත.
හන්ගල් ලොව වඩාත්ම විද්‍යාත්මක හා විදිමත් ලිවීමේ ක්රමයන්ගෙන්
එකක් ලෙස පිළිගෙන ඇත. මෙය ශබ්ද විද්‍යානුකූල ලිවීමේ ක්‍රමයක් වන අතර ඕනෑම ශබ්දයක්
ඉදිරිපත් කල හැකිය.
01 හන්ගල් 1-මුලික ස්වර 10
ㅏ
|
A
|
Ahh
|
අ
|
සිංහල භාෂාවේ ආදරය උච්චාරණය වන පරිදි
|
|
ㅑ
|
ya
|
yahoo
|
යා
|
සිංහල බසෙහි අයියා උච්චාරණයට සමානව
|
|
ㅓ
|
Ə
|
Ago
|
ඔ
|
සිංහල භාෂාවේ ඔ අක්ෂරය හා නිශ්චිතවම සමාන නොවේ. උච්චාරණයේදී
සිංහල භාෂාවේ ඔ අක්ෂරය මෙන් කට උල් හැඩයක් නොගන්නා අතර කට මදක් විවෘතව දිව යටි
තල්ලේ ගැවීම.
|
|
ㅕ
|
yƏ
|
Over yonder
|
යො
|
සිංහල බසෙහි යො අකුරට වඩා තරමක් වෙනස්ව කට උල් නොවී මදක්
විවෘතව මෙහි උච්චාරණය සිදු වේ.
|
|
ㅗ
|
o
|
Oh,no!
|
ඔ
|
ඔතන යන්නට සමානව උච්චාරණය වේ.
|
|
ㅛ
|
yo
|
Yo, what’s happening
|
යො
|
යොදය යන්නට සමානව උච්චාරණය වේ.
|
|
ㅜ
|
u
|
Oops!
|
උ
|
උළු යන්නට සමානව උච්චාරණය වේ.
|
|
ㅠ
|
yu
|
You
|
යූ
|
යුධ යන්නට සමානව උච්චාරණය වේ.
|
|
ㅡ
|
ɨ
|
eugh
|
|
සිංහල බසෙහි මේ සදහා නිශ්චිත අක්ෂරයක් නැත. උච්චාරණයේදී කට
විවෘතව දෙපසට විහිදෙන අතර උඩු දත්ඇන් ඳ
හා යටි දත් ඇනද එකට ගෑවේ.
|
|
ㅣ
|
I
|
Sheep
|
ඊ
|
ඊරි යන්නෙහි උච්චාරණයට සමානය.
|
කොරියානු භාෂාවේදී ව්‍යංජන හා ස්වර සංයෝග වීමෙන් අක්ෂරයක්
නිර්මාණය වේ. එසේ වි නමුත් ආරම්භක ස්ථානයේදී ව්‍යංජන ශබ්දයක් පිට නොකරන විට
කොරියානු භාෂාවේ 0 ව්‍යංජනය ලිවිම සිරිතයි. එවන් අවස්ථාවලදී උක්ත ව්‍යංජන (0) නිහඩ
අතර එමගින් යම් හිඩැසක් පිරවීම පමණක් සිදු වේ.
ස්වර අතුරින් සිරස් අතට ලියනු ලබන ㅏ,ㅑ,ㅓ,ㅕ,ㅣ යන ස්වර අක්ෂරයේ මුල් ව්‍යංජනයට දකුණු පසින් ලියනු ලැබේ.
හන්ගල් 2 - මුලික ව්‍යංජන 14
මුලික ව්‍යංජන මුඛය ,තොල්,දිව,දත් සහ
උගුර යන ශබ්ද උත්පත්ති ස්ථාන මුල් කරගෙන නිර්මාණය වී ඇත.
ㄱ- දිව මුල් කරගෙන නිර්මාණය
වී ඇත.
ㄴ-දිව මුල් කරගෙන
නිර්මාණය වී ඇත.
ㄷ-දත් මුල් කරගෙන
නිර්මාණය වී ඇත.
ㄹ-තොල් මුල් කරගෙන
නිර්මාණය වී ඇත.
ㅁ-ස්වශමුඛය මුල් කරගෙන
නිර්මාණය වී ඇත.
ㄱ
|
g
|
සිංහල
භාෂාවේ ක හා ග අක්ෂර වලට සමාන හඩක් ගනියි.බොහෝ දුරට මේ අක්ෂර 2 අතර අතර මැදි හඩකි.
|
ක,ග
|
||
ㄴ
|
n
|
සිංහල බසෙහි
න අක්ෂරයට සමානව උච්චාරණය වේ.
|
න
|
||
ㄷ
|
d
|
සිංහල බසෙහි
ත හා ද අක්ෂර වලට සමානව උච්චාරණය වේ.
|
ත,ද
|
||
ㄹ
|
l
|
සිංහල
භාෂාවේ ර හා ල අක්ෂර වලට සමාන හඩක් බොහෝ දුරට ඒ අක්ෂර අතර මැදි හඩකි.
|
ර , ල
|
||
ㅁ
|
m
|
හඩට සමානව
උච්චාරණය වේ.
|
ම
|
||
ㅂ
|
b
|
ප හා බ යන
අක්ෂර වලට සමාන හදකින් උච්චාරණය වේ.
|
ප,බ
|
||
ㅅ
|
s
|
ස අක්ෂරයට
සමානව උච්චාරණය වේ. ㅣ,ㅕ,ㅑ,ㅠ,ㅛ යන ස්වර වලට පෙර යෙදුන විට ශ යන හඩට සමානව
උච්චාරණය වේ.
|
ස
|
||
ㅇ
|
Ø
|
බින්දුව
අක්ෂරයේ අවසාන ස්ථානයේ රැදුන විට සිංහල බසෙහි බින්දුවට(0) සමානව උච්චාරණය වේ.
අක්ෂරයේ මුලට යෙදුන විට එය නිහඩය.
|
0
|
||
ㅈ
|
j
|
ජ හඩට
ආසන්නව උච්චාරණය වේ.
|
ජ
|
||
ㅊ
|
ch
|
ච හඩට
ආසන්නව උච්චාරණය වේ.
|
ඡ
|
||
ㅋ
|
k
|
මහප්‍රාණ ඛ හඩට
සමානව උච්චාරණය වේ.
|
ඛ
|
||
ㅌ
|
t
|
මහප්‍රාණ ථ
අකුරට සමානව උච්චාරණය වේ.
|
ථ
|
||
ㅍ
|
p
|
මහප්‍රාණ ඵ
අකුරට සමානව උච්චාරණය වේ.
|
ඵ
|
||
ㅎ
|
h
|
හ අක්ෂරය හා
සමානව උච්චරනය වේ.
|
හ
|
ඊලග පාඩමින්
හන්ගල් සුසංගත ස්වර හා ද්විත්ව ව්‍යංජන හදුනා ගනිමු.
S.H.ASINTHA PRABHASHINI
DEPARTMENT OF MASS COMMUNICATION
3RD YEAR
UNIVERSITY OF KELANIYA
Well done... keep it up..
ReplyDelete