Friday, December 8, 2017

ඔබත් දුම් පානය කරනවාද? එසේනම් මේ ගැනත් සිතන්න.

ඔබත් දුම් පානය කරනවාද? එසේනම් මේ ගැනත් සිතන්න.


                             නියම පිරිමියෙක් නම් දුමක් ගහන්නම ඕනිද? ෂොට් එකක් ගහන්නම ඕනිද? එතකොට ඔය මොකුත් නොබොන පිරිමියෙක් තමන්ගේ පවුලට දරුවන්ට සලකන්න තරම් කොන්දක් නැති පිරිමියෙක්ද? සමාජය තුල සම්මත වෙලා තියන මේ වගේ හිස්  පුහු ආකල්ප හින්ද මිනිස්සු වරදට යොමු වෙන්නේ තමන් වත් නොදැන. වරදට පෙලඹුන මිනිස්සු ඔවුනොවුන්ව සාදාරනීකරණය  කරගන්න මේ වගේ වචන සෙට් පිටින් හදාගෙන අවශ්‍ය වෙලාවේදී පාවිච්චි කරනවා. කොහොම උනත් දුම් පානය කියන එක  නම් දුම් වැටි නිෂ්පාදනය කරන ආයතනයක් වත් 100% අනුමත කරන්නේ නැහැ . මොකද මේවා පාවිච්චි කරලා මිනිස්සුන්ට මුහුණ දෙන්න වෙලා තියන ලෙඩ රෝග ආබාධ දැක්කම කාටවත් බැහැ එහෙම මතයක ඉන්න. පාසල්  යන කුඩා පිරිමි ළමුන් තමන්ගේ මුල්ම අඩිතාලම දාගන්නේ සිගරට් එකකින්. 18න් පහල අයට දුම්වැටි අලෙවි නොකරන බවට උජාරුවෙන් කඩපිල් වල බෝඩ් දාගෙන  හිටියට වැඩිහිටි පුද්ගලයන් ලවා ඔවුන් ඔවුන්ගේ අවශ්‍යතාව ඉටු කර ගන්නවා. අතීසාරෙට අමුඩ ගහන හණමිටි තීරණ ගන්නකන් මේ වගේ බරපතල සමාජ ව්‍යාකූලතාවයක් වෙනස් කරන්න කාටවත්ම බැහැ. 18න් ඉහල උනත් පහල උනත් විනාශ කර ගන්නේ තමන්ගේ ශරීරයමයි. අපි දුම්වැටි විකුණලා කරන්නේ අපේම මිනිස්සු අඩපන කරන එක. හැමදාම දුම්වැටියක් බොන්න පුරුදු වුනු මනුස්සයෙක් කොහොම හරි මුදල හොයාගෙන තමන්ගේ දුම්වැටිය මිලදී ගන්නවා. හරියට කුස පිරෙන්න ආහාරයක් නැති වුනත් මේකට ඇබ්බැහි වුනු අය ආහාරයටත් කලින් දුම්වැටියක් පානය කිරිම කණගාටුවට කරුණක්. සාමාන්‍යයෙන් දුම් පානයට ඇබ්බැහි වුනාම එක නතර කරගන්න ගොඩක් අමාරුයි. දුම් පානය කරන්නන්ගෙන් 75% ක් 80% ක් වැනි බොහෝ දෙනා පවසන්නේ තමන් එයින් සම්පුර්ණයෙන් ම ඉවත් වීමට ඉතාමත් කැමති බවයි. සමහර අය තමන් විසින්ම දුම් පානය නතර කරගන්නා අවස්ථා තියනවා. ඒ අතර,
·         තමන්ගේම ඇදුම් මත සිගරට් දුම රැදී පැවතීම.
·         තමන් දුම් බොන බව දැනගත් විට ඔවුන්ගෙන් හොද ප්‍රතිචාරයක් නොලැබීම.
·         තමන්ගේම දත් මත පැල්ලම් ඇති වීම.
වැනි හේතුන් නිසා දුම්බීම සම්බන්දව ස්වයං වාරණයක් තබාගන්නා අයද දුම් බොන්නන් අතර දක්නට ලැබෙනවා.  එසේම දුම් පානය කරන්නන් හට පහත තත්වයන්ට මුහුණ දීමටද සිදු වේ.   

1)      දුමාරය මගින් පිට වන ගන්ධය
මෙය දුම් බොන්නන්ගේ ශරීරයේත් ඇදුම් තුලත් කොණ්ඩය තුලත් තැන්පත්ව තිබේ. එමෙන්ම ඔවුන් ආශ්වාශ ප්රාශ්වාශ කරන කරන වාතය පවා සිගරට් දුම් ගන්ධයෙන් සන්විතව පවතී.


2)  සුවද රසය නොදැනීම    
දුම් පානය මගින් නාසයට දැනෙන සුවදත් දිවට දැනෙන රසයත් ක්‍රමයෙන් හීන වී යයි. සිගරට්ටුවෙහි ඇති දුම සහ උණුසුම මේවට ප්‍රදාන වශයෙන් බලපා ඇත. දුම්පානය කරන බොහෝ දෙනා ඔවුන් භාවිතා කරන ආහාර වල කිසිදු රසයක් නොමැති බව පවසයි. එනම් ඔවුන්ට ප්‍රනීත ආහාරයක රසය විද ගැනීමට තරම් සුදුසුකම් නැත්තෝ වෙයි. දුම් පානය නතර කල පුද්ගලයින්  බෙහෙත් ලබා ගැනීමෙන් පසු ආහාර වල රසවත් භාවය ගැන පුදුම වෙයි.
3)      වයසට වඩා මුහුකුරා යාම.
තමන්ගේ ශරීරය පමණට වඩා වයසට ගිය පෙනුමක් දුම්බීම මගින් ලබාගත හැකිය. සමෙහි හා හිසකෙස්වල විශාල වෙනස්වීම් දුම් බොන පුද්ගලයෙකු තුල දැකගත හැකි වේ. american acadamy of dermatology අනුව දුම්බීම මගින් ශරීරයේ ජෛව රසායනික වෙනස් වීම් බහුලව ඇති වේ. උදාහරණ ලෙස රුධිර වාහිනී ඉදිමීම මගින් රුධිරය පහසුවෙන් ශරීරයට නොලැබේ. සාමාන්‍යයෙන් දුම් බොන්නේකුගේ මුඛය වටා රැලි ගැසී පවතී.
4)      සමාජ ජීවිතය
කොතෙකුත් වුවද දුම් පානය නොකරන්නන් ඉදිරියේ දුම් පානය කරන්නෙකු අපහසුතාවයට පත් විය හැකි අවස්තා බහුල වේ. පිරිසක් මැදදී වුවද ඔහුට රැදී සිටිය නොහැකිය. ලගින් යන විට නහය වස ගැනීම හෝ ඇසෙන්නට හෝ නොඇසෙන්නට බැන වැදීම වැනි අපහසුතාවයන්ට මුහුණ දීමට ඔවුන්ට සිදු වේ. තවද තමන් හා සමවයස් පුද්ගලයන්ට තරම් පියකරු මුහුණක් හා සමක් තමන්ට නොලැබීම ගැන ඔවුහු පසු තැවෙති.
තමන්ගේම දෙමාපියන් සහෝදරයින් නෑදෑයින්ගේ පිළිකුලට භාජනය වීමද ඔවුන්ට මහත් පීඩනයක් ගෙන දෙන තත්වයක් වේ.
5)      බෙල හීනත්වය
ඔබ දුම් පානය කරන්නෙක් නම් ඔබව විවාහ වීමට තරම් වත් සුදුසුකම් නැති අයෙක් බවට පත් වේ. තම දු දරුවන් හට වීරයෙක් වීමට අවස්ථාවක් දුම් පානය කිරීම මගින් නොලැබී යාම කනගාටුවකි. කිසිම කාර්යයක් හරි හැටි ඉටු කර ගැනීමට නොහැකි තරම් බෙලහීන තත්වයකට පත් වීම දුක්බරය. තමන් හා සමවයස් පුද්ගලයන් ඉදිරියේ සමානයෙකු වීමට වත් අවස්ථාවක් ඔවුන්ට නොලැබේ.
6)      වැඩිපුර ලෙඩ රෝග
ානය කරන්නන් හට දිගු කාලින fi!LH අවදානම් වලට ලක් වීමට සිදු වේ. සෘතුමය වෙනස් කම් වලට මුහුණ දීමට වත් ඔවුන්ගේ ශරීරය ශක්තිමත් නොවේ. අධික සිතල ඔවුන්ට දරා ගත නොහැකි තරම් වේ. එසේම අසාදන වලින් අපව ආරක්ෂා කිරීමට ශරීරයේ ඇති අවයව නාල ශ්වසන මාර්ග බඩවැල් සම්පුර්ණයෙන් විනාශ කර දැමීමට සිගරට් දුමකට හැකිය. ශරීරයේ මුලික ආරක්ෂණ යාන්ත්‍රනය විනාශ කර දැමීම සිගරට් දුම මගින් සිදු කරනු ලබයි. එම නිසා දුම් පානය කරන්නන් වැඩිපුර ලෙඩ රෝග වලට භාජනය වේ.


7)      දුම් බොන්නන් අන් අයට අනතුරකි.
දුම් පානය නිසා සෑම වසරකම මිය යන සංඛ්‍යාව 50000 ක් පමණ වේ. සාමාන්‍යයෙන් සිගරට් දුමාරයක් තුල රසායනික ද්‍රව්‍ය 4500 පමණ ඇති අතර එයින් 40 කට වැඩ වැඩි ප්‍රමාණයක් විෂබීජ කාරක වේ.
හෘදයාබාදයක් හෝ අඝාතයක් ඇති ඕනෑම අයෙකුගේ රෝගය සම්පුර්ණයෙන් අවුළුවාලීමට ඉතා සුළු සිගරට් දුමකට හැකි බව පර්යේෂකයන් පවසයි. ප්‍රජාවක් තුල සිගරට් දුමාරය නොපැතිරෙන විට රෝහල් තුල ඇති හෘදයාබාධ අනුපාතය 20% හෝ 30%කින් අඩු වන බව අධ්‍යයන ගණනාවකින් පෙන්වා දී තිබේ.
8)      ශාරීරික ක්‍රියාකාරකම් කෙරෙහි ඇතිවන බලපෑම්
බොහෝ දුම් පානය කරන්නන් හට පඩිපෙලක් නැගීම හෝ සරල ක්‍රීඩාවක පවා නිරත විය නොහැකි වේ. කෙටි කාලයක් තුල ඔවුන්ට මහන්සිය උපරිමයෙන් දැනේ. තරුණ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පවා දුම් පානය කරන්නේ නම් ඔවුන්ගේ හෘදය වැඩිපුර වෙහෙසට පත් වේ.

9)      පිරිවැය   
විශේෂයෙන් ඔබ දුම් බොන අයෙක් නම් මේ ගැනත් සිතා බැලිය යුතුය. සිගරට්ටුවක මිල වර්තමානයේ ඉතා ඉහල මට්ටමක පවතී. fiore ට  අනුව සිගරට් පැකට්ටුවක් සාමාන්‍යයෙන් ඩොලර් 5ක් පමණ වේ. කෙනෙකු සාමාන්‍යයෙන් සිගරට් පැකට්ටුවකට ඩොලර් 7ක් වැය කරන්නේ නම් වසරකට ඩොලර් 3000 කට ලගා වී ඇත. සාමාන්‍යයෙන් සිගරට් එකකින් අවුරුද්දකට අමතර රෝගීන් තිදෙනෙකු ඇති කරන අතර එය 8% ක අඩු ඵලදයීත්වයක් හා වසරකට අතිරේක සෞක්‍ය වියදම් පිරිවැය ඩොලර් 1600ක් බවද ෆියෝ පවසයි. තවද දුම්බිමේ වාර්ෂික ආර්ථික පිරිවැය ඩොලර් බිලියන 200කට අධික වන බවද ඔහු පවසා ඇත.
          ඔබ තවමත් අවට මිනිසුන්ට කරදරයක් අවධානමක් ගෙන දෙන ලෙස දුම් පානය කරන්නේද? එසේනම් ඔබ පළමුව ඔබ ගැනත් සිතිය යුතුය. මන්ද ලොව පුර වසංගතයක් මෙන් පවතින දුම්පානයට ඔබත් දායකත්වය සපයන හෙයිනි.


S.H ASINTHA PRABHASHINI
DEPARTMENT OF MASS COMMUNICATION
2ND YEAR

UNIVERSITY OF KELANIYA

2 comments:

  1. Godak ayata thiyana prashnayak thamay dum panaya nathara karanna barikama (abbahivuvan), abbahiviima vachanayak pamanay minissu e vachane samaja sammathayak karagena, (okata abbahi unoth navaththanna baha) godak ayata oka navaththanna bari hethuva okai hithuwoth onama deyak karanna puluwan dum panaya ada mama navaththanava kiyala hithata thadin thiranayak ganna mona de unath mama aye kavamadavath dum bonne na kiyala thiranayak ganna obata navaththanna puluwan, hoda post ekak godak vatinava

    ReplyDelete
  2. Attention plz who addict to the smorking

    ReplyDelete

ආදරේ මගින් break වෙන්නේ නැති වෙන්න ඕනි නම් මේ කරුණු 7ත් දැනගන්න

හැමදාමත් ආදරේ මගින් break වෙන්නේ නැති වෙන්න ඕනි නම් මේ කරුණු 7ත් දැනගන්න                                ආදරේ කියන්නේ youth එකට s...