Tuesday, August 1, 2017

අනන්ත රාත්‍රිය

අනන්ත රාත්‍රිය (ප්‍රසන්න විතානගේ)


                                                                                                                    
ගැහැණිය වූ කලී ලොව ඉතා වටිනා කලාත්මක නිර්මාණයක් ලෙස ගත්තද ලාංකික සිනමාකරුවා එය වානිජමය ප්‍රයත්නයක ගොදුරක් ලෙස සලකා කතා නිර්මාණය කරනු දක්නට ලැබේ. විශ්ව සාහිත්‍ය නිර්මාණ දෙස බැලුව විට කාන්තා චරිතයට හිමි වන්නේ  සුවිශේෂී ස්ථානයකි. ජාතක කතා පොතේ පටන් මහා කාව්‍යය චූල කාව්‍යය පැරණි සාහිත්‍ය ග්‍රන්ථ වල පවා කාන්තා චරිතය සුදු කළු ස්වරූපයෙන් දැකගත හැකි වේ. ලොව අරුම නිර්මාණයක් බදු වූ ගැහැණිය විවිද තාඩන පීඩන හමුවේ ඇයගේ ජීවිතය සාර්ථක හෝ අසාර්ථක තත්වයකට පත කර ගැනීම සිදු කල යුත්තේ ගැහැණිය විසිනි. මන්ද සමහර හේතු කාරණා නිසා ගැහැණු සිත අසාමාන්‍ය ලෙස කඩා වැටීම ජීව විද්‍යාත්මකව ගැහැණිය  හා සම්බන්ද වී ඇති කරුණකි. පෙර දීග සංකල්පයට අනුව ගැහැණිය තම අදහස් උදහස් හෙළි නොකළ යුතු බව ඍග් වේදයේ සදහන් කලාක් මෙන් ගැහැණිය බාල කාලය තුළ පියාටද  තරුණ කාලය  තුල සැමියාටද වියපත් වූ විට පුත්‍රයාටද යටත්ව සිටිය යුතු තැනැත්තියකි. එසේ යටත්ව සිටින ඇය සමාජය තුල මහත් වූ ගෞරවාදරයෙන් පිළිගනු ලබයි.
“අනන්ත රාත්‍රිය” ප්‍රසන්න විතානගේ විසින් නිෂ්පාදනය කරන්නට යෙදුන මෙය සමාජ තාඩන පීඩන හමුවේ අසරණව විලාප නැගී ගැහැනියක හා ඇයගේ අසරණ කමට නීතිය පවා පිහිටක් නොවූ අන්දමත් අවසානයේ ඇය සිර ගෙය තුළ ඇය විසින් වරදෙහි බැදුනා වූ අතීතයට ශාප කරමින් නිදහස යදියි.මූලිකව චිත්‍ර පටය ආරම්භය තුළ “අප්පෝ” නමැති උගත් පුද්ගලයා තම වලව්වට මහා වැසි අනෝරා මැද පැමිණෙයි දොරවල් වසා ඇත. සිටියේ වයසට වී දිරා ගිය වලුව්වේ මෙහෙකරුයි. යට කී ගැහැණිය ඔහුගේ එකම දියණිය විය. මෙම අප්පෝ නමැති පුද්ගලයා වලව්වට පැමිණෙන විට අනෝරා වැස්සය. කාරයෙන් අඩිය තබන විටම ඔහුගේ පයට යමක් පෑගෙයි. එය ඔහු විසින් නැවතත් අතීතය ඇවිස්සීමට යන බවට දුන් ඉගියක් වැනිය.  විදුලියද ඇන හිට ඇත. එනම් ඔහු පැමිණෙන විට සියල්ල සිදු වී ඇති බවයි. යට කී වලව්වේ මෙහෙකාරයා අවිදු අදුර තුළ අප්පෝ හට එලිය ලබා දෙයි. ඔහුගේ එකම දියණිය අප්පෝ නිසා කදුළු බීවූ බව ඔහු හොදටම දැනගත්තද අප්පෝ හට කිසිවක් නොකියයි. “අපේ කෙලි ගැන ආරංචියක් නැද්ද “ ඇසු විට කෙටිම පිළිතුර “නෑ” යන්නයි. ඔහුට ඒ ගැන කීමට තවත වදන් නැත.
ඇය වෛශ්‍යාවකි. ඒ කාගේ වරදින්ද ඇයටම දොස් පැවරීම සිදු කල නොහැක. එය කොතරම් සාදරණද යන්න බුද්ධිමත්ව සිතා බැලිය යුතුය. අවසානයේ ඇය විසින් ඇසුරු කරන්නට ගිය පුද්ගලයෙකුට නිදි පෙති වැඩ්පුර ලබා දීම නිසා මරණයට පත් වී ඇත. යට කී අප්පෝ ජුරිය තුලය. ඇයට අතීතය අමතක විය යුතු යයි අප්පෝ  යදියි. ඇයගේ ආත්මයම වෙනස් කල ඒ සිද්දිය ඇයට කෙසේ නම් අමතක වෙයිද. දැන් ඇය මිනි මැරුම් චෝදනාවක් ලබා සිටියි. ඇය අසරණය ජුරියද ඇයට විරුද්ධවය. ජුරි සභිකයෙක් වූ අප්පොද ඇයට විරුද්ධවය. කොපමණ උත්සාහ කලද ඔහුට අතීතය වලදැමිය නොහැකිය. හෘද සාක්ෂියද කිසි දිනක වසන් කල නොහැකිය. වලව්ව තුලදී ඇය හා නිදි වැදුන මුල් දවස ඔහුට සිහිපත් වෙයි.ඔහුගේ ඇස් ඉතරම ඇය දෙසට යොමු වී පවතී. රාත්‍රියේ ඇය අසලට යාමට දොර හරිය විට ඇය  අතැතිව තිබු කුප්පි ලාම්පුව නිවී යයි. එනම් ඇයට ආරක්ෂාවට තිබු සියල්ල නැති වී ගිය බවයි.
පෙර අපර අතීත සිද්ධි ගලපමින් චිත්‍රපටය පුරාවට දිගහරින කාරනාව නම් පන්ති පරතරයත් වැඩවසම් සමාජයත් හමුවේ ගැහැනියකට අත්වීමට සිදු වන අවාසනාවන්ත ඉරණමයි. යට කී ගැහැණිය විසින් නිදි   නිතර පාවිච්චි කරනවාද යන්න ජුරිය විමසයි. ඇයගේ පිළිතුර නිදි නොඑන ඇතැම් රාත්‍රීන් වල ඇය නිදි පෙති පාවිච්චි කරන බවයි.  ඇය නිදි නොමැති රැය තුළ කොපමණ දේ පතන්නට ඇත්ද ඇය තවත් එක් කාන්තාවකි. ඇයට නිදි නොපැමිණීම අරුමයක් කොට සැලකිය නොහැක. ඇය අසරණය. යටකී අප්පෝ විසින් ගැබ්බර වූ  අවසානයේ ඇය කොලඹට පැමිණෙයි. ඔහුට දාව උපන්නට ගිය දරුවා මිය ගිය බව පවසයි. එනම් රදල පැලැන්තියේ අවසානය පීඩිත ජනයාගෙන්ම සිදු වන බවයි. කොලඹට අවිහිංසක කුලෑටි ඇයට ගැලවීමක් නැති හෙයින් ඇය වෛශ්‍යාවක වෙයි. එය අප්පෝ විසින් ඇයට උරුම කර දුන් ඉරණමයි. එසේ නොමැතිනම් ඇය කිසිදාක කොළඹට පැමිණෙනු නැත. මුදල මූලික වුනු ධනපති ඉහළ පැලැන්තියට එයින් එහා යමක් නැත. මුදලට සියල්ල කල හැකි යි ඔවුන් සිතුවද එයට හැකි යමක් නැත. අසරණව කූඩුවට ගිය ඇයට මුදලින් ප්‍රතිකාර අවශ්‍ය නැත. අවශ්‍ය ඔවුන්ට හිමි නිදහස හා අයිතීන්ය. අවසානයේ සියල්ල ඉදිරියේ ඇය වැරදිකාරිය වී හමාරය. ඇය දස වසරක් අතීතයේ සිදු වූ වරදට දඩුවම් විදී.
අවසානයේ අප්පෝ නොහොත් සුවිසල් නිරුපද්‍රිතය. නමුත් ඇතුලාන්තය තුලින්  ඔහු විදවමින් සිටි. ඇයව නිදහස් කර ගැනීමට ඔහුට අවශ්‍යතාව තිබුනද එය සිදු කිරීමට අනුබල දෙන කෙනෙක් නැත. සුවිසල් චරිතය තුළ ඇයට සිදුකල සුවිසාල වැරැද්ද ගැන ඇය නිතරම ප්‍රශ්න කරනු ඇත. වරදට දඩුවම් විද අවසානයේ ඇය නැවතත් තම සුපුරුදු ජීවිතයට පියවර මනියි. සුවිසල් විසින් නවතනු ලැබූ කාරය දෙස බලා ඇය ඇතට  පියවර මනියි. ඇය තවත් අසාර්ථක නැත. එයින් ඈත්ව ඇය ඇයගේම ජීවිතයක් සොයා පියවර මනියි. කෙසේ වෙතත් යට කී තරුණිය දැන් ඉතා ශක්තිමත්ය.
සම්මතය තුළ ගැහැණිය ලපටිය. බොළඳය. ඇය සසැලෙන්නීය. ඇයගේ ජීවිතය විනාශ කරලීමට පිරිමියෙකුට සැනෙකින් හැකිය. සිනමා කරුවා විසින් ප්‍රස්තුතයට භාජනය කරන ලද ගැහැණිය අසරණව විලාප නගන්නේ කාගේ වරදකින්ද යන්න හදුනා ගත් යුතුමය. ප්‍රසන්න විතානගේ අනන්ත රාත්‍රිය චිත්‍ර පටය ගත් කල ඉහත ලෙස සැකෙවින් දකින්නට හැකිය. නාගරික කාන්තාව සහ ගැමි කාන්තාව සිනමා කරුවා දැකී ආකාරය ඉතා වෙනස් ආකාරයක් විය. නාගරික කාන්තාව සැමවිටම කාමයෙහි ගැලුණු සිත්පිත් නැති චරිතයක් ලෙසත් ගැමි කාන්තාව සැම විටම සුදු චරිතයක් ලෙසත් ගනු ලැබේ.
නමුත් මෙම ච්ත්‍රපටය තුළ සිනමාකරුවා තත්කාලීන සමාජය තුළ ගැහැණිය සුදු හෝ කළු කිරීමට හැකි සමාජ පීඩන ඇති බව ප්‍රේක්ෂකයාට කියා පෑමට උත්සාහ සරා ඇත. වැඩවසම් සමාජය තුළ වළව් පැලැන්තියට ගැති අසරණ මිනිසුන්ට අවසානය වන විට මුහුඅ දීමට සිදු වන යථාර්තය ගැන සිනමාකරුවා යතානුරූපිව ගෙනහැර දක්වා ඇති අයුරු අපූරුය. ආදරයත් රාගයත් හරිහැටි නොදැන වරදෙහි බැදුන වරදට අහිංසක ගැහැණියකට අත්වන ඉරණම ඉදිරියේ උසාවිය පවා ඇයට සරදම් කරනු ලබයි.
වෛශ්‍යාවක් ලෙස ඇය හංවඩු ගසන සමාජයක කිසිදා ඇයගේ වරදට නිවැරදිකරු ලෙස සාක්ෂ්‍ය දැරීමට කිසිවෙක නොමැත. සමාජය තුළ තිබෙන ඉතා කාලීන මාතෘකාවක් ගෙන එය සූක්ෂ්ම ලෙස ප්‍රේක්ෂකයා වෙත ගෙන හැර පාන්නට සිනමා කරුවා ගෙන ඇති උත්සාහය අපූරුය. වෛශ්‍යාවක කාමාතුරුගැහැනියක ලෙස හංවඩු ගසන සමාජයක ඇයට එම තත්වයට මුහුණ පෑමට සිදු වුයේ මන්ද යන ප්‍රශ්නයට සාදාරන විසදුමක් ලබා දීමට සිනමා කරුවා ගත් උත්සහය අගනේය.
චිත්‍රපටය පුරා සංඥා සංකේත භාවිතා කරමින් ඉතා දිගු කතාවක් ප්‍රේක්ෂකයාට ජනනය කරලීමට උත්සාහ දරා ඇතිබව පෙනේ. සංඥාර්ථවේදය යන පදය semiotics යන්න වෙනුවෙන් භාවිතා කරනු ලබයි. මෙහි අරමුණ වශයෙන් සමාජයේ සංඥා භාවිත කෙරෙන ආකාරයත් සංඥා මගින් අර්ථ නිෂ්පාදනය වන ආකාරයත් අධ්‍යනය කිරීමයි.
රාත්‍රියේ අප්පෝ විසින් යට කී කාන්තාවගේ කාමරයේ දොර හරින විට ඇය අතැතිව  තිබු කුඩා කුප්පි ලාම්පුව නිවී යයි. එනම් ඇය මෙතරම් කාලයක් ආරක්ෂා කරගෙන සිටි ඒ පවිත්‍රතාවය එදා ඔහු අතින් විනාශ වී ගිය බවයි. තවද කුඹුර ආශ්‍රිතව දර්ශන පෙළ ගත් විට එහි ගොයම් පෑගීමට සම්බන්ද වන කුඩා දරුවෙකු ඇත. එනම් යට කී අප්පෝ විශ්ව විද්‍යාලයක ඉගෙනුම ලබයි. එයින් මෙතුල පවතින පන්ති පරතරය ඉස්මතුකර දක්වයි. පීඩිත පන්තියේ අනාගතයටද තවමත් උරුම වී ඇත්තේ වහලුන් ලෙස සේවය කිරීමයි.
අප්පෝ නොහොත් සුවිසල්ගේ සෙරෙප්පු සහිත දෙපා ඊට කදිම කතාවක් කියා පායි.ඔහු සමාජයට පෙනෙන්නට සුදනෙකු වුවද ඇතුලාන්තයෙන් ඔහු එසේ නොවෙයි. ශිෂ්‍ය ව්‍යාපාරය තුළ ක්‍රියාකාරිකයෙකු ලෙසින් නිදහස් අධ්‍යාපනයේ අයිතිය ගැන කතා කලද තවමත් පීඩිත පන්තියේ දරුවන් කුඹුරට හේනට ළමා කාලයම යොදවයි.
“අනන්ත රාත්‍රිය” ගත්කල සමාජ පන්තීන් අතර ඇති ඝට්ටණය හා ධනපති රදල පන්තිය හමුවේ පීඩිත පන්තියට මුහුණ දීමට සිදු වන ඉරණම මනාව දක්වා ඇත. සමස්තයක් ලෙස ගත්කල ප්‍රසන්න විතානගේ විසින් නිෂ්පාදනයට යොමු කරන ලද සමාජ මාතෘකාව වර්තමානයටත් අනාගතයටත් එක සේ වැදගත් වනු ඇත. එනම් මේ රාත්‍රිය අනන්තයකම විය හැකිද?  කිසිදා අවසානයක් නොදකින.

                                                                                      අසින්තා ප්‍රභාෂිනි
                                                                                      කැලණිය ව්ශ්ව විද්යාලය

                                                                                      දෙවන වසර 

2 comments:

ආදරේ මගින් break වෙන්නේ නැති වෙන්න ඕනි නම් මේ කරුණු 7ත් දැනගන්න

හැමදාමත් ආදරේ මගින් break වෙන්නේ නැති වෙන්න ඕනි නම් මේ කරුණු 7ත් දැනගන්න                                ආදරේ කියන්නේ youth එකට s...